අප්‍රිකා මහද්වීපයේ සැබෑ භූමි ප්‍රමාණය වඩාත් නිවැරදිව නිරූපණය වන පරිදි ලෝක සිතියම සංශෝධනය කිරීම සඳහා ඉදිරිපත් කළ යෝජනාවකට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.
“Correct the Map” ලෙස නම් කර ඇති මෙම යෝජනාව ටෝගෝ රාජ්‍යය විසින් ඉදිරිපත් කර ඇති අතර, අප්‍රිකානු සංගමයේ සාමාජික රටවල් ඇතුළු රටවල් 164ක සහයෝගයෙන් එය සම්මත වී ඇති බවයි BBC පුවත් සේවය සඳහන් කරන්නේ.
ප්‍රංශය සහ බ්‍රිතාන්‍යය ද යෝජනාවට පක්ෂව ඡන්දය ලබාදී ඇති අතර, ඊට විරුද්ධව ඡන්දය ලබාදී ඇත්තේ අමෙරිකා එක්සත් ජනපදය පමණයි.
රටවල් 6ක් ඡන්දය දීමෙන් වැළකී සිට තිබෙනවා.
16 වන සියවසේ සිට බහුලව භාවිත වන Mercator සිතියම් ආකෘතිය මගින් අප්‍රිකාව ග්‍රීන්ලන්තයට ආසන්න ප්‍රමාණයකින් පෙන්වන බවට දීර්ඝ කාලයක් තිස්සේ විවේචන එල්ල වී ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.
සැබැවින්ම අප්‍රිකා මහද්වීපය ග්‍රීන්ලන්තයට වඩා 14 ගුණයකින් පමණ විශාල වුවද, Mercator සිතියම් ආකෘතියේදී එහි සැබෑ විශාලත්වය නිවැරදිව නිරූපණය නොවන බව විශේෂඥයින් පෙන්වා දී ඇති බව සඳහන්.
විදෙස් මාධ්‍යන්ට අනුව, 1569 වසරේදී ෆ්ලෙමිෂ් සිතියම් විද්‍යාඥ ජෙරාඩස් මර්කේටර් විසින් මෙම සිතියම් ආකෘතිය නිර්මාණය කර ඇත්තේ, ලොව පුරා ගමන් කරන යුරෝපා ගවේෂකයන්ට යාත්‍රා කිරීම පහසු කිරීමේ අරමුණින්.
ගෝලාකාර පෘථිවියේ මතුපිට ද්විමාන සිතියමකට සම්පූර්ණ නිරවද්‍යතාවයෙන් දැක්විය නොහැකි බැවින්, මෙවැනි සිතියම්වල යම් යම් විකෘතිතා ඇතිවීම වැළැක්විය නොහැකි බව සිතියම් විද්‍යාඥයින් පෙන්වා දී ඇති බව සඳහන්.
කෙසේ වෙතත්, “Equal Earth” ලෙස හඳුන්වන වඩාත් සාධාරණ භූමි ප්‍රමාණ නිරූපණයක් සහිත සිතියම් ආකෘතියක් 2018 වසරේදී සිතියම් විද්‍යාඥයන් පිරිසක් විසින් නිර්මාණය කර තිබෙනවා.
මෙම වසරේ පෙබරවාරි මාසයේදී අප්‍රිකානු සංගමයේ සාමාජික රටවල් 54ම එම සිතියම් ආකෘතිය පිළිගෙන ඇති අතර, එමගින් විශේෂයෙන් අප්‍රිකාවේ සැබෑ භූමි ප්‍රමාණය වඩාත් නිවැරදිව නිරූපණය වන බව ප්‍රකාශ කර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.
මේ අතර ප්‍රංශ විදේශ අමාත්‍ය ජීන්-නොඑල් බැරෝ ද Mercator සිතියම භාවිතයෙන් ඉවත් වීමට තම අමාත්‍යාංශය කටයුතු කරන බව ප්‍රකාශ කර තිබෙනවා.
එහෙත් අමෙරිකා එක්සත් ජනපදය මෙම යෝජනාව සම්බන්ධයෙන් විරෝධය පළ කර ඇති බවටයි වාර්තා වෙන්නේ.

Latest News
යාල කලාප දෙකක් ලබන 14 සිට වැසේ
Local
07 September 2026
මෙට්‍රෝ බස් දෙවැනි ඩිපෝව කඩවතදී වැඩ අරඹයි
Local
07 September 2026
හිටපු බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහි අල්ලස් නඩුව ඔක්තෝම්බර් 05ට කල්යයි
Local
07 September 2026
හිඟුරක්ගොඩ දුම්රිය ස්ථානය නවීකරණය කෙරේ
Local
07 September 2026
මොරොන්තුඩුවේදී වෑන් රථයක් ගිනිගෙන විනාශයි - රියදුරු රෝහලට
Local
07 September 2026
යෝෂිත ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනුකළ ප්රතිශෝධන පෙත්සම ඉල්ලා අස්කර ගනියි
Local
07 September 2026
නාමල්ට ගෙදරින් කෑම ගෙන්න ගන්න බන්ධනාගාරයෙන් අවසර
Local
07 September 2026
අම්පිටියේ සුමනරතන හිමියන් අත්අඩංගුවට
Local
07 September 2026
පරම වීර විභූෂණ සම්මානලාභී එච්.පී.එස්. බණ්ඩාර රණවිරුවාගේ පවුලේ සාමාජිකයින්ගේ සුවදුක් බැලීමට යුද හමුදාපති යයි
Local
07 September 2026
හඳටත් අයිතිය කියන ඩොනල්ඩ් ට්‍රම්ප්
Local
07 September 2026