General05 September 2026

ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රබල අකුණු ඇතිවීම පිළිබද අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව, නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ හැකියාවක් පවතින බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

මේ අතර, ඌව, මධ්‍යම සහ නැගෙනහිර පළාත්වලත්, පොළොන්නරුව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට අද මිලිමීටර 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකියි.‍
Related recommendation
Hiru TV News | Programmes