General05 September 2026

ලාෆ්ස් ගෑස් මිල සංශෝධනය නොවේ

සැප්තැම්බර් මාසය සඳහා ලාෆ්ස් (LAUGFS) ගෑස් මිලෙහි කිසිදු සංශෝධනයක් සිදු නොකරන බව එම සමාගම නිවේදනය කරනවා.

ඒ අනුව, පවත්නා මිල ගණන් යටතේම ලාෆ්ස් ගෑස් සිලින්ඩර පාරිභෝගිකයින් වෙත නිදහස් කෙරෙනු ඇති.

එහිදී, කිලෝග්‍රෑම් 12.5ක සිලින්ඩරයක මිල රු. 4,965ක්ද, කිලෝග්‍රෑම් 05 සිලින්ඩරයක මිල රු. 1,988ක්ද ලෙස පැවති මිලම පවතිනවා.
Related recommendation
Hiru TV News | Programmes