General06 September 2026

දිගන හෝටලයක ෆේස්බුක් සාදයක් වටලයි: තරුණියන් 5ක් ඇතුළු 43ක් අත්අඩංගුවට

තෙල්දෙණිය පොලිස් බලප්‍රදේශයට අයත් දිගන, අලුත්වත්ත ප්‍රදේශයේ පිහිටි හෝටලයක විවිධ මත්ද්‍රව්‍ය භාවිත කරමින් පවත්වමින් තිබූ ෆේස්බුක් සාදයක් වටලා කාන්තාවන් 5 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 38 දෙනෙකු ඇතුළු 43 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව අප වාර්තාකරු පවසනවා.

තෙල්දෙණිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එම්. ඩී. චන්ද්‍රපාලට ලද තොරතුරකට අනුවයි මෙම වැටලීම සිදුකර ඇත්තේ.

වැටලීම සිදුකරන අවස්ථාවේදී අදාළ ස්ථානයේ තිබී තහනම් මත්ද්‍රව්‍ය, මත්පැන් සහ බියර් බෝතල් රැසක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණි තරුණ පිරිස් වන බවත්, අත්අඩංගුවට ගත් සැකකරුවන් 43 දෙනා අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව තෙල්දෙණිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවත් අප වාර්තාකරු සඳහන් කළා.
Related recommendation
Hiru TV News | Programmes