General06 September 2026

කතරගම 'වාසනා' මින් ඉදිරියට ප්‍රධාන පෙරහර සඳහා පමණක් යොමු කිරීමේ තීරණයක්

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයට අයත් ‘වාසනා’ හස්තිරාජයා මින් ඉදිරියට දිවයිනේ ප්‍රධාන පෙරහර සඳහා පමණක් සහභාගි කරවීමට තීරණය කර තිබෙනවා.

හස්තියාගේ සෞඛ්‍යාරක්ෂාව සහ යහපැවැත්ම සැලකිල්ලට ගනිමින් කතරගම දේවාලයේ බස්නායක නිලමේ තිලිණ මදුසංක විසින් මේ තීරණය ගෙන ඇති බවයි රුහුණු මහා කතරගම දේවාලයේ මාධ්‍ය අංශය පවසන්නේ.

මීට පෙර විවිධ ප්‍රදේශවල පැවති කුඩා පෙරහර සඳහාද වාසනා හස්තියා සහභාගි කරවූ අතර, ඒ හේතුවෙන් මේ වන විටත් විවිධ පාර්ශ්වයන්ගෙන් පෙරහර සඳහා වාසනා හස්තියා ලබාදෙන ලෙස ඉල්ලීම් ලැබෙමින් පවතිනවා.

කෙසේ වෙතත්, දිගින් දිගටම හස්තියා ප්‍රවාහනය කිරීම සහ පෙරහර සඳහා යෙදවීම හස්තියාගේ ජීවිතයට මෙන්ම සෞඛ්‍යයට තර්ජනයක් බවයි රුහුණු මහා කතරගම දේවාලයේ මාධ්‍ය අංශය පෙන්වා දෙන්නේ.
Related recommendation
Hiru TV News | Programmes