General07 September 2026

පුරාවස්තු සෙවූ පහේ කල්ලිය අත්අඩංගුවට

පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් සිදුකළ සැකකරුවන් පස්දෙනෙක් අත්අඩංගුවට ගත් බව හිඟුරක්ගොඩ පොලිසිය පවසනවා.

හිඟුරක්ගොඩ තල්පොත ප්‍රදේශයේදී ඊයේ (06) දවල් සිදුකළ වැටලීමකදී මොවුන් පිරිස අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

එම සැකකරුවන් අවුරුදු 19, 26, 45, 47 සහ 49 වයස්වල පසුවන පොළොන්නරුව හා පුලස්තිගම ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි අනාවරණය වී ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් හිඟුරක්ගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.
Related recommendation
Hiru TV News | Programmes