ඉරානය සම්බන්ධයෙන් පවතින ගැටුම්කාරී වාතාවරණය හේතුවෙන් ගල්ෆ් කලාපයෙන් තාර ගෙන ඒමට ඇතිවී තිබෙන බාධා, ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක මාර්ග සංවර්ධන ව්‍යාපෘති අඩාල කිරීමට හේතුවිය හැකි බවට දේශීය ඉදි කිරීම් ක්ෂේත්රය අනතුරු අඟවනවා.
සති අන්ත ඉංග්‍රීසි පුවත්පතක් වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකා ඉදි කිරීම් කර්මාන්ත මණ්ඩලයේ (CCI) ලේකම් ජනරාල් සහ ප්‍රධාන විධායක නිලධාරී ඉංජිනේරු කර්නල් (විශ්‍රාමික) නිශ්ශංක එන්. විජේරත්න පෙන්වා දුන්නේ, 2026 අයවැය මගින් වෙන් කරන ලද ප්‍රාග්ධන වියදම්වලින් සැලකිය යුතු කොටසක් මාර්ග ව්‍යාපෘති සඳහා වෙන්කර ඇති බවයි.
කෙසේ වෙතත්, පවතින ගල්ෆ් අර්බුදය හමුවේ බිටුමින් ලබාගැනීමේදී මතුව ඇති දුෂ්කරතා හේතුවෙන්, දැනටමත් අර්බුදයට ලක්ව ඇති දේශීය ඉදි කිරීම් ක්ෂේත්රය නැවතත් දැඩි බලපෑමකට ලක්විය හැකි බවට ඔහු අවධාරණය කළා.
මාර්ග ඉදි කිරීමේ ප්‍රධාන අමුද්‍රව්‍යය තාර වන අතර, බිටුමින් සපයා ගැනීමේ අපහසුතාව පිළිබඳව මාර්ග කොන්ත්‍රාත්කරුවන්ගෙන් දැනටමත් පැමිණිලි ලැබෙමින් පවතින බවයි විජේරත් සඳහන් කළේ.
"අපට අවශ්‍ය තාර වැඩි ප්‍රමාණයක් ලැබෙන්නේ ගල්ෆ් කලාපයෙන්. ඉරාන යුදමය වාතාවරණය නිසා දැන් අපට තාර ගෙන්වා ගැනීමේදී විශාල ගැටලුවකට මුහුණ දීමට සිදුව තිබෙනවා. මාර්ග ව්‍යාපෘති සඳහා මුදල් වෙන් කර තිබුණත්, අපට බිටුමින් ලැබෙන්නේ කොහෙන්ද?" යනුවෙන් ඔහු ප්‍රශ්න කර සිටියා.
තාර යනු ඛනිජ තෙල් ආශ්රිත නිෂ්පාදනයක් බැවින්, ශ්‍රී ලංකාවේ බිටුමින් ආනයනය සඳහා ගල්ෆ් කලාපය මත දැඩි ලෙස රඳා පවතින බවත්, එයින් වැඩි ප්‍රමාණයක් ඉරානයෙන්ම ලබාගෙන ඇති බවත් ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නා.
මෙම බිටුමින් අවශ්‍යතාව සපුරා ගැනීම සඳහා ශ්‍රී ලංකාවට ඉන්දුනීසියාව වැනි විකල්ප වෙළඳපොළක් දෙස බැලිය හැකි වුවද, ගල්ෆ් කලාපයෙන් බිටුමින් සැපයුම අඩාල වීම හේතුවෙන් වෙළඳපොළ තුළ විශාල හිඟයක් නිර්මාණය වී ඇති බවයි විජේරත්න පවසා සිටියේ.
එහි ප්‍රතිඵලයක් ලෙස, එවැනි විකල්ප වෙළඳපොළවල්වලින් බිටුමින් ආනයනය කිරීමේදී ඒ සඳහා අධික පිරිවැයක් දැරීමට සිදුවන බවද ඔහු සඳහන් කර සිටියා.

Latest News
'සිල්වර්ස්ටෝන්' ධාවන තරගාවලිය ඇරඹීමට තමිල්නාඩු මහ ඇමති විජේ බ්‍රිතාන්‍යයට : සුපිරි නළු අජිත් කුමාර් තරග බිමට
Local
13 September 2026
නීති කැඩූ ධීවරයින් 63ක් නාවික හමුදා මෙහෙයුමකින් කොටුවෙයි
Local
13 September 2026
දෙහිවල පාවහන් නිෂ්පාදන ආයතනයක් වටලයි
Local
13 September 2026
ශ්‍රී ලාංකිකයකුට අයත් ප්‍රථම දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය රත්මලානට
Local
13 September 2026
හෝමුස් සමුද්‍ර සන්ධිය අසලදී ඉරාන නෞකාවකට ප්‍රහාරයක්: අයෙකු මියගොස් සිව්දෙනෙකුට තුවාල
Local
13 September 2026
අමාත්‍ය විජිත හේරත් තායිලන්තයේ නිල සංචාරයකට
Local
13 September 2026
ජනපති ප්‍රධානත්වයෙන් ජන රැලි දෙකක් අද අනුරාධපුරයේදී
Local
13 September 2026
ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
Local
13 September 2026
මැදපෙරදිග යුද්ධය ගැන BRICS රටවලින් දැඩි කනස්සල්ල
Local
13 September 2026
අනුරාධපුර අනතුරකින් අයෙක් රෝහලේ
Local
13 September 2026