ඉන්දියාව සහ ප්‍රංශය අතර සබඳතා වර්තමානය වන විට නව මානයකට ළඟා වී ඇති බවත්, මෙම උපායමාර්ගික සබඳතාව සුවිශේෂී වන්නේ එය අතිශය දීර්ඝකාලීන සංස්කෘතික හා දේශපාලනික පදනමක් මත ගොඩනැඟී තිබීම නිසා බවත් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රකාශ කළා.
ප්‍රංශයේ පැරිස් නුවර අලුතින් ඉදි වූ ස්වාමිනාරායන් කෝවිල වීඩියෝ තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වෙමින් විවෘත කිරීමේ උත්සවයට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ පැරිසියේ ස්ථාපිත කළ මෙම මහා කෝවිල ඉදිරි සියවස් ගණනාව පුරා දෙරට අතර පවතින සහයෝගීතාවයේ සහ නව අවස්ථාවන්හි සංකේතයක් ලෙස පවතිනු ඇති බවයි.
''මෑත කාලයේදී ඉන්දියාව සහ ප්‍රංශය අතර සබඳතා නව මාවතකට යොමු වී තිබෙනවා. මගේ මිත්‍ර එම්මානුවෙල් මැක්රෝන් ජනාධිපතිවරයා සමඟ එක්ව අපි දෙරට අතර විශේෂ ගෝලීය උපායමාර්ගික සහකාරිත්වයක් ගොඩනඟමින් සිටිනවා," යනුවෙන් ඔහු සඳහන් කළේ.
තාක්ෂණය, කෘතිම බුද්ධිය (AI), ආරක්ෂක අංශ, අභ්‍යවකාශ සහ දේශගුණික ක්‍රියාකාරකම් දක්වා වූ ක්ෂේත්‍ර ගණනාවකම ඉන්දියාව සහ ප්‍රංශය නව උද්යෝගයකින් හා බලශක්තියකින් ඉදිරියට යන බව ද අගමැතිවරයා වැඩිදුරටත් පැවසුවා.
2026 වසර ඉන්දියා-ප්‍රංශ නවෝත්පාදන වර්ෂය ලෙස ද සමරන බවත් දෙරටේ අතීත සංස්කෘතික හා දේශපාලනික බැඳීම නිසාම මෙම උපායමාර්ගික සබඳතාව අතිශය විශේෂිත බවත් පැවසූ අගමැතිවරයා, වර්තමානයේ දෙරට අතර ඇති විය හැකි ඒකාබද්ධ ව්‍යාපාරික අවස්ථා පිළිබඳව විශාල කතාබහක් නිර්මාණය වී ඇති බවයි පෙන්වා දුන්නේ.
ප්‍රංශය වෙනුවෙන් දිවි පිදූ ඉන්දීය සෙබළුන්ගේ කැපකිරීම් අදටත් ප්‍රංශ ජනතාවගේ හදවත් තුළ ජීවමානව පවතින බව අතීතය සාක්ෂි දරන බව ද අග්‍රාමාත්‍ය මෝදි සඳහන් කළා.
''අද වන විට යෝගා ව්‍යායාම දෙරට ජනතාව එකිනෙකා යා කරන පාලමක් බවට පත්ව තිබෙනවා. ජාත්‍යන්තර යෝගා දිනයේදී ඊෆල් කුලුන අසලින් ලැබෙන දර්ශන මඟින් ප්‍රංශය තුළ යෝගා සඳහා ඇති අතිමහත් ජනප්‍රියතාව පැහැදිලි වෙනවා," යනුවෙන් ද අගමැතිවරයා පවසා සිටියා.
මෙම නව ස්වාමිනාරායන් කෝවිල එකී සබඳතාවලට නව මානයක් එක් කරන බව පැවසූ අග්‍රාමාත්‍ය මෝදි මෙය ඉන්දියාවේ නිෂ්පාදනය කර ප්‍රංශයේ ස්ථාපිත කළ' නිර්මාණයක් බව සඳහන් කළා.
එහි කැටයම් කළ ගල් බොහොමයක් ඉන්දියාවේදී නිර්මාණය කර ඇති අතර, එමඟින් ඉන්දියාවේ පුරාණ හස්ත කර්මාන්ත ශිල්පය ප්‍රංශයේ නවීන ඉංජිනේරු විද්‍යාව සමඟ මනාව මුසු වී ඇති බව ද අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ.

Latest News
කොළඹ ජාත්‍යන්තර මැරතන් තරගාවලිය ඉරිදා ඇරඹේ - ක්‍රීඩකයින් 5,000කට අධික පිරිසක් එක්වෙයි
Local
12 September 2026
ඩයනා කුමරියගේ සුප්‍රකට ‘Revenge Dress’ වෙන්දේසියට
Local
11 September 2026
කාන්තා ආසියානු කුසලාන අවසන් මහා තරගයේ ඉඩ වෙන්කර ගැනීමට පාකිස්ථානය පරාජය කරමින් ශ්‍රී ලංකාව සමත් වෙයි
Local
11 September 2026
22ට එරෙහිව 23 වනදා කොළඹදී දැවැන්ත විරෝධයක්
Local
11 September 2026
අම්පිටියේ සුමනරතන හිමිට ඇප
Local
11 September 2026
ලබන 30 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස ක්‍රීඩා ඇමතිට නොතීසි
Local
11 September 2026
පාකිස්ථානයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 131ක ඉලක්කයක්
Local
11 September 2026
දින 45ක් තුළ දිවයිනේ අත්බෝම්බ ප්‍රහාර 4ක්
Local
11 September 2026
"සිදුවූයේ නොසැලකිලිමත් දෝෂයක්" : කල්ඉකුත් වූ බනිස් අලෙවි කිරීමේ සිද්ධියට P&S වෙතින් ප්‍රසිද්ධියේ කණගාටුව
Local
11 September 2026
Bab al-Mandab නාවික මාර්ගයේ දෙපසම බලය හූතිවරුන්ට - ගෝලීය වෙළඳාමට එල්ල වන්නේ දැඩි තර්ජනයක්
Local
11 September 2026