General08 September 2026

අල්ලස් ගත් විදුහල්පතිවරයෙකු අත්අඩංගුවට

ළමයින් දෙදෙනෙකු පාසලකට ඇතුළත් කරදීම සඳහා අල්ලස් වශයෙන් රුපියල් ලක්ෂ දෙක හමාරක මුදලක් ලබාගත් බවට පැවසෙන සිද්ධියකට අදාළව ගාල්ල ප්‍රදේශයේ විදුහල්පතිවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකාර විදුහල්පතිවරයා එක් ළමයෙකුගෙන් රුපියල් ලක්ෂ තුන බැගින් රුපියල් ලක්ෂ හයක මුදලක් ඉල්ලා ඇති බවටයි වාර්තා වන්නේ.

පසුව එම මුදල රුපියල් ලක්ෂ තුනක් දක්වා අඩු කර තිබෙනවා.

ඉන් රුපියල් ලක්ෂ එකහමාරක මුදලක් අල්ලස් ලෙස ලබාගෙන පළමු ශ්‍රේණියට එක් ළමයෙකු ඇතුළත් කිරීමට ද පියවර ගෙන ඇති බවයි විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.
Related recommendation
Hiru TV News | Programmes