යේමනයේ හූති සටන්කාමීන් විසින් සෞදි අරාබියට එල්ල කරන ප්‍රහාර පාලනය කරන ලෙස ඉරානයට පාකිස්තානය විසින් අනතුරු ඇඟවීමක් සිදුකර ඇති බව සෞදි, පාකිස්තාන සහ ඉරාන ආරංචි මාර්ග උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කරනවා.
හූති සටන්කාමීන් පසුගියදා සෞදි අරාබියේ Khamis Mushait ප්‍රදේශයේ ගුවන් හමුදා කඳවුරකට සහ ඒ ආසන්න නගරවල පිහිටි තෙල් යටිතල පහසුකම් වෙත ප්‍රහාර එල්ල කර තිබෙනවා.
එම ප්‍රහාරවලින් පුද්ගලයින් 73 දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර, පසුගිය පැය 12 තුළ සෞදි ගුවන් හමුදාව යේමනයේ විවිධ පළාත්වලට ගුවන් ප්‍රහාර 54ක් එල්ල කළ බව හූති හමුදා ප්‍රකාශක Yahya Saree සඳහන් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එම ප්‍රහාරවලට "පිළිතුරු නොදී සිටින්නේ නැහැ" යනුවෙන් ඔහු අනතුරු අඟවා ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.
මෙම තත්ත්වය මැද පාකිස්තානයේ අනතුරු ඇඟවීම විශේෂ වැදගත්කමක් ගන්නේ සෞදි අරාබිය සහ තුර්කිය සමග පාකිස්තානයට පවතින ආරක්ෂක ගිවිසුම් හේතුවෙන් බව සඳහන්.
පාකිස්තාන ආරක්ෂක අමාත්‍ය Khawaja Asif සඳහන් කර ඇත්තේ, සෞදි භූමියට එල්ල වන ප්‍රහාරයක් සෞදි අරාබිය, තුර්කිය සහ පාකිස්තානය සම්බන්ධ කරගත් ඒකාබද්ධ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වීමට හේතු විය හැකි බවයි.
කෙසේ වෙතත්, පාකිස්තාන බලධාරීන් අවධාරණය කර ඇත්තේ, කිසියම් හමුදාමය මැදිහත්වීමක් සිදුවුවහොත් එය සෞදි භූමිය ආරක්ෂා කිරීම සඳහා පමණක් සීමා වනු ඇති බවයි.

Latest News
කොළඹ ජාත්‍යන්තර මැරතන් තරගාවලිය ඉරිදා ඇරඹේ - ක්‍රීඩකයින් 5,000කට අධික පිරිසක් එක්වෙයි
Local
12 September 2026
ඩයනා කුමරියගේ සුප්‍රකට ‘Revenge Dress’ වෙන්දේසියට
Local
11 September 2026
කාන්තා ආසියානු කුසලාන අවසන් මහා තරගයේ ඉඩ වෙන්කර ගැනීමට පාකිස්ථානය පරාජය කරමින් ශ්‍රී ලංකාව සමත් වෙයි
Local
11 September 2026
22ට එරෙහිව 23 වනදා කොළඹදී දැවැන්ත විරෝධයක්
Local
11 September 2026
අම්පිටියේ සුමනරතන හිමිට ඇප
Local
11 September 2026
ලබන 30 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස ක්‍රීඩා ඇමතිට නොතීසි
Local
11 September 2026
පාකිස්ථානයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 131ක ඉලක්කයක්
Local
11 September 2026
දින 45ක් තුළ දිවයිනේ අත්බෝම්බ ප්‍රහාර 4ක්
Local
11 September 2026
"සිදුවූයේ නොසැලකිලිමත් දෝෂයක්" : කල්ඉකුත් වූ බනිස් අලෙවි කිරීමේ සිද්ධියට P&S වෙතින් ප්‍රසිද්ධියේ කණගාටුව
Local
11 September 2026
Bab al-Mandab නාවික මාර්ගයේ දෙපසම බලය හූතිවරුන්ට - ගෝලීය වෙළඳාමට එල්ල වන්නේ දැඩි තර්ජනයක්
Local
11 September 2026