ලොව මෙතෙක් වාර්තා වූ උණුසුම්ම මාසය ලෙස පසුගිය අගෝස්තු මාසය වාර්තා වී ඇති බව යුරෝපා සංගමයේ දේශගුණ විපර්යාස නිරීක්ෂණ සේවය පවසනවා.
එමෙන්ම ලොව සාගරවල උෂ්ණත්වයද මෙතෙක් වාර්තා නොවූ ඉහළම මට්ටමකට ළඟා වී ඇති බවයි එම සේවය සඳහන් කරන්නේ.
අගෝස්තු මාසයේ ලෝක සාමාන්‍ය වායු උෂ්ණත්වය සෙල්සියස් අංශක 16.96ක් ලෙස වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.
එය මීට පෙර 2023 ජූලි මාසයේදී වාර්තා වූ ඉහළම අගයට වඩා සෙල්සියස් අංශක 0.01කින් ඉහළ අගයක්.
කෙසේ වෙතත්, එම සුළු වෙනස සැලකිල්ලට ගනිමින් 2023 ජූලි සහ පසුගිය අගෝස්තු මාස දෙකම වාර්තාගත උණුසුම්ම මාස ලෙස සැලකිය හැකි බව යුරෝපා සංගමයේ දේශගුණ විපර්යාස නිරීක්ෂණ සේවය සඳහන් කරනවා.
විද්‍යාඥයින් පෙන්වා දී ඇත්තේ, ගල් අඟුරු, තෙල් සහ ගෑස් දහනය ඇතුළු මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් පෘථිවියේ උෂ්ණත්වය මේ වනවිට සෙල්සියස් අංශක 1.4කින් පමණ ඉහළ ගොස් ඇති බවයි.
එමෙන්ම හරිතාගාර වායු විමෝචනයද 2025 වසරේදී වාර්තාගත ඉහළම මට්ටමකට ළඟා වී ඇති බව සඳහන්.
සාගර මතුපිට උෂ්ණත්වයද අගෝස්තු මාසයේදී නව වාර්තාවක් පිහිටුවා ඇති අතර, හරිතාගාර වායු මගින් රඳවා ගන්නා අතිරේක තාපයෙන් 90%කට වැඩි ප්‍රමාණයක් සාගර විසින් අවශෝෂණය කරගෙන ඇති බව විද්‍යාඥයින් පවසා ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.
මේ අතර, මේ වනවිට වර්ධනය වෙමින් පවතින ප්‍රබල එල් නිනෝ තත්ත්වය හේතුවෙන් ඉදිරි මාසවලදීද උෂ්ණත්ව වාර්තා බිඳ වැටීමට ඉඩ ඇති බව විද්‍යාඥයින් අනතුරු අඟවනවා.
විශේෂයෙන් එල් නිනෝ තත්ත්වය දෙසැම්බර් මාසය ආසන්නයේදී උපරිම තීව්‍රතාවට ළඟා වනු ඇතැයි අපේක්ෂා කරන අතර, 2026 හෝ 2027 වසර මෙතෙක් වාර්තා වූ උණුසුම්ම වසර බවට පත්විය හැකි බවද විද්‍යාඥයින් පෙන්වා දෙන බවයි මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.
එමෙන්ම පසුගිය අගෝස්තු මාසයෙන් අවසන් වූ බටහිර යුරෝපයේ ගිම්හාන සමයද මෙතෙක් වාර්තා වූ උණුසුම්ම ගිම්හාන සමය බව යුරෝපා සංගමයේ දේශගුණ විපර්යාස නිරීක්ෂණ සේවය සඳහන් කරනවා.
ජුනි සිට අගෝස්තු දක්වා කාලය තුළ යුරෝපයේ අඛණ්ඩව ඇති වූ දැඩි උණුසුම් තත්ත්ව හේතුවෙන් පාසල් වසා දැමීම්, ගංගා සිඳී යාම සහ දැවැන්ත ලැව්ගිනි සඳහා අවදානම ඉහළ යාම වැනි තත්ත්ව රැසක් වාර්තා වී තිබෙනවා.
එක්සත් ජාතීන්ගේ සංවිධානයද අනතුරු අඟවා ඇත්තේ, පොසිල ඉන්ධන භාවිතයෙන් ඉවත් වන තුරු ලෝකය මෙවැනි පෙර නොවූ විරූ දේශගුණික තත්ත්වයන් කරා තවදුරටත් ගමන් කරනු ඇති බවයි.

Latest News
ඉරානයේ ජෝර්දාන ප්‍රහාරයට චීන චන්ද්‍රිකා ඡායාරූප උදව් වුණාද? – අමෙරිකාවෙන් පරීක්ෂණ
Local
14 September 2026
අහුංගල්ලේ වෙඩි තැබීමක් ගැන පැතිරෙන කතාව අසත්‍යයක් : පොලිසිය කියයි
Local
14 September 2026
හිටපු සුපිරි ක්‍රීඩක අරවින්ද ද සිල්වාගේ මව අභාවප්‍රාප්ත වෙයි
Local
14 September 2026
සාමාන්‍ය පෙළ විභාගය විෂයයන් 7කට සීමා කිරීමට සැලසුම්
Local
14 September 2026
ඉලෙක්ට්‍රොනික භාණ්ඩවලට මාස 06ක වගකීම් සහතිකය අනිවාර්යයි
Local
14 September 2026
ඉන්ධන මිල සංශෝධනයක් හෝ සහනාධාරයක් ලබාදීමට සිදුවෙයි - බලශක්ති අමාත්‍ය
Local
14 September 2026
දෙහිවල බෝම්බ ප්‍රහාරයෙන් මියගිය දරු දෙදෙනාගේ අවසන් කටයුතු සිදු කෙරේ
Local
14 September 2026
දුම්රිය සාමාන්‍යාධිකාරී ගැන තීරණයක් නැති තැන දුම්රිය 17 සහ 18 වැඩ වර්ජනය ඉදිරියට
Local
14 September 2026
ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට නොමිලේ හැඳුනුම්පත් ලබාදීමේ ජංගම සේවයක්
Local
14 September 2026
දෙහිවල බෝම්බ ප්‍රහාරයට ආ ත්‍රිරෝද රථයේ පාට වෙනස් කරන්න දුන්න කොන්ත්‍රාත්තුව හෙළිවෙයි
Local
14 September 2026