General10 September 2026

පේදුරුතුඩුවේදී තියුණු ආයුධවලින් කළ පහරදීමකින් පුද්ගලයෙක් මරුට

පේදුරුතුඩුව පොලිස් වසමේ ග්‍රාමකෝට්ට හන්දිය අසලදී ඊයේ (09) පුද්ගලයෙකු තුවාල සහිතව වැටී සිටින බවට පේදුරුතුඩුව පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා.

එහිදී තුවාලකරු 1990 සුවසැරිය ගිලන් රථයෙන් පේදුරුතුඩුව මන්ධිගායි රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබුණා.

මෙලෙස මියගොස් ඇත්තේ කරවෙඩ්ඩි ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි පුද්ගලයෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

මරණකරු හා පිරිසක් අතර ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන්, තියුණු ආයුධවලින් පහරදී මෙම ඝාතනය සිදු කර ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පේදුරුතුඩුව පොලිසිය විසින් වැඩිදුර විමර්ශන පවත්වනවා.
Related recommendation
Hiru TV News | Programmes