General10 September 2026

බණ්ඩාරවෙල, හිටපු නගරාධිපති ජනක නිශාන්ත රිමාන්ඩ්

බණ්ඩාරවෙල මහනගර සභාවේ හිටපු නගරාධිපති ජනක නිශාන්ත රත්නායක ලබන 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගර ගතකර තිබෙනවා.

ඒ බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයකට අනුවයි.

එම මහ නගර සභාවේ සිදු වූ මුදල් වංචාවකට අදාළව කූට ලේඛන සකස් කළ බව කියන සිද්ධියකට අදාළව මොහු අත්අඩංගුවට ගෙන තිබුණා.

එසේම, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර ද එම නගර සභාවේ සේවකයින් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමටයි කටයුතු කර තිබුණේ.
Related recommendation
Hiru TV News | Programmes