සැප්තැම්බර් 11 වැනිදා සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් වසර 25කට පසු අමෙරිකාවේ ගුවන් තොටුපළ ආරක්ෂක ක්‍රමවේදවල දැවැන්ත වෙනස්කම් කිහිපයක් සිදුකිරීමට සූදානම් වන බව වාර්තා වනවා.
අමෙරිකානු ප්‍රවාහන ආරක්ෂක පරිපාලනය හෙවත් TSA නිවේදනය කර ඇත්තේ, ඉදිරියේදී ගුවන් ටිකට්පතක් නොමැති පුද්ගලයින්ටද ආරක්ෂක පරීක්ෂාව හරහා ගොස් ගුවන් තොටුපළේ පිටත්වීමේ දොරටු වෙත ගොස් සිය සමීපතමයින් හමුවීමට අවස්ථාව ලබාදීමට සැලසුම් කර ඇති බවයි.
ඒ අනුව, ගුවන් ගමනකට සහභාගී නොවන පුද්ගලයින්ට සිය සමීපතමයින් පිළිගැනීමට හෝ ඔවුන්ගෙන් සමුගැනීමට ගුවන් තොටුපළේ ගේට්ටු වෙත යාමට හැකියාව ලැබෙනවා.
මෙම නව වැඩසටහන යටතේ TSA PreCheck සඳහා ලියාපදිංචි වී ඇති හෝ Known Traveller Number එකක් සහිත පුද්ගලයින්ට පළමුව මෙම අවස්ථාව හිමිවන බවයි BBC පුවත් සේවය සඳහන් කරන්නේ.
ඔවුන්ට තමන් ගුවන් තොටුපළේ ගේට්ටුව වෙත යාමට අපේක්ෂා කරන දිනයට දින 1ත් 3ත් අතර කාලයකට පෙර අන්තර්ජාලය ඔස්සේ ඒ සඳහා අයදුම් කිරීමට හැකියාව පවතිනවා.
දැනට අමෙරිකාවේ ගුවන් තොටුපළ 13ක මෙම Gateside TSA PreCheck වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
මේ අතර, TSA PreCheck සඳහා ලියාපදිංචි වී සිටින මගීන්ට සම්පූර්ණයෙන් පිරවූ ජල බෝතල්ද ගුවන් තොටුපළ ආරක්ෂක පරීක්ෂාව හරහා රැගෙන යාමට අවසර ලබාදීම සම්බන්ධයෙන්ද සලකා බලමින් සිටින බවයි අමෙරිකානු මාධ්‍ය වාර්තා කරන්නේ.
2006 වසරේ බ්‍රිතාන්‍යයේ සිදුවීමට ගිය ත්‍රස්ත ප්‍රහාරයකට සම්බන්ධ සැලසුමකදී සිසිල් බීම සහ බෝතල් තුළ ද්‍රව රසායනික මිශ්‍රණ රැගෙන යාමට සැලසුම් කර තිබීමෙන් අනතුරුව ද්‍රව රැගෙන යාම සම්බන්ධයෙන් දැඩි සීමා පනවා තිබුණා.
කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් TSA ආයතනයෙන් නිල තහවුරු කිරීමක් ලබාගැනීමට BBC කළ ඉල්ලීමට ප්‍රතිචාරයක් ලැබී නොමැති බව සඳහන්.
ගුවන් සේවා ආරක්ෂාව පිළිබඳ විශේෂඥයෙකු වන ජෙෆ් ප්‍රයිස් පවසා ඇත්තේ, නවීන තාක්ෂණය හේතුවෙන් මෙවැනි ආරක්ෂක ප්‍රතිපත්ති වෙනස් කිරීමට හැකි වී ඇති බවයි.
TSA විසින් සාම්ප්‍රදායික X-ray යන්ත්‍ර වෙනුවට ස්ථාපිත කරමින් සිටින නව ආරක්ෂක යන්ත්‍රවල පරිගණක ටොමොග්‍රැෆි (CT) තාක්ෂණය පවතින බැවින්, ද්‍රව ආකාරයේ පුපුරන ද්‍රව්‍ය හඳුනාගැනීමේ හැකියාව වැඩි වී ඇති බවද ඔහු සඳහන් කර තිබෙනවා.
මේ අතර, පසුගිය වසරේදී TSA විසින් ගුවන් මගීන්ට ආරක්ෂක පරීක්ෂාවේදී තම සපත්තු ඉවත් කිරීමේ අවශ්‍යතාව අවසන් කිරීමටද පියවර ගනු ලැබුවා.
විදෙස් මාධ්‍ය වාර්තා අනුව, නව වෙනස්කම් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ මිශ්‍ර ප්‍රතිචාර පළ වී ඇති අතර, 9/11ට පෙර පැවති තත්ත්වය මතක ඇති ඇතැම් වැඩිහිටි පිරිස් මෙය යළි සාමාන්‍ය තත්ත්වයකට පැමිණීමක් ලෙස ප්‍රශංසා කර තිබෙනවා.
කෙසේ වෙතත්, තරුණ පිරිස් ප්‍රශ්න කර ඇත්තේ මෙම වෙනස්කම් හේතුවෙන් ගුවන් මගීන්ගේ ආරක්ෂාවට යම් බලපෑමක් සිදුවේද යන්නයි.
විශේෂඥ ජෙෆ් ප්‍රයිස් පවසා ඇත්තේ, මූලික ආරක්ෂක පියවර අඛණ්ඩව පවත්වාගෙන යමින් ආරක්ෂක ප්රමිතීන් ඉහළ මට්ටමක පවත්වාගන්නේ නම්, මෙම වෙනස්කම් හේතුවෙන් මගී ආරක්ෂාවට බලපෑමක් ඇති නොවන බවයි.

Latest News
ශ්‍රී ලංකාව ලකුණු 72කින් පරදා කාන්තා ආසියානු කුසලාන කිරුළ ඉන්දියාවට
Local
13 September 2026
සිරුර තුළ මත්ද්‍රව්‍ය සඟවාගෙන ආ උගන්ඩා ජාතිකයා කටුනායකදී කොටුවෙයි
Local
13 September 2026
බුඩාපේස්ට් අහස යට රුමේෂ්ගේ හෙල්ලය මීටර් 91 සීමාව පන්නයි: ශ්‍රී ලංකාවට අතිවිශිෂ්ට ලෝක ජයක්
Local
13 September 2026
ඉන්දියාවෙන් ලකුණු 183 ක්: ආසියානු කිරුළ දිනීමට ශ්‍රී ලංකාවට ලකුණු 184 ක අභියෝගයක්
Local
13 September 2026
කථානායකවරයාට එරෙහිව දයාසිරි ජයසේකරගෙන් අන්තර් පාර්ලිමේන්තු සංගමයට පැමිණිල්ලක්
Local
13 September 2026
ඩීසල් මිල වැඩි කිරීමේ සූදානමක් ගැන වෘත්තීය සමිතිවලින් අනාවරණක්
Local
13 September 2026
මාතෘභූමියේ ආත්ම ගෞරවයේ ජන සටන අනුරාධපුරයෙන් ඇරඹුවා: හිටපු ජනපති මහින්දගෙන් සටහනක්
Local
13 September 2026
පොල් අස්වැන්නේ අඩුවීමක්
Local
13 September 2026
සුනඛයින් ලියාපදිංචිය අනිවාර්යයි – ලියාපදිංචි නොකළොත් දඩ
Local
13 September 2026
අඟුලානේදී අනතුරට පත් ඩෝරා යාත්‍රාව ගොඩගැනීමේ සංකීර්ණ මෙහෙයුම අවසන්: නැව් තටාකාංගනය වෙත රැගෙන එයි
Local
13 September 2026