International11 September 2026

කොංගෝවේ පාසල් දෙකක ඇති වූ ගින්නකින් සිසුන් 24ක් මරුට

කොංගෝ ජනරජයේ නැගෙනහිර ප්‍රදේශයේ කැරලිකරුවන්ගේ පාලනය යටතේ පවතින බුකාවු නගරයේ පාසල් දෙකක් ගිනි ගැනීමෙන් ඇති වූ තෙරපීමකදී පාසල් සිසුන් 24 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ගින්නෙන් බේරීමට උත්සාහ කිරීමේදී මෙම සිසුන් තෙරපීමට ලක්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ගින්න හේතුවෙන් වැඩිහිටියන් කිහිපදෙනෙකුද ජීවිතක්ෂයට පත්ව ඇති බව සඳහන්.

තුවාල ලැබූවන් ප්‍රදේශයේ රෝහල් වෙත රැගෙන ගොස් ඇති බවටයි වාර්තා වෙන්නේ.

මේ අතර, ගින්නෙන් නිවාස 300කට පමණද හානි සිදුව ඇති අතර, ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැත.

එමෙන්ම තවත් පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබිය හැකි බවටද සැක පළ කර තිබෙනවා.

සිද්ධිය ඇසින් දුටු පුද්ගලයෙකු Reuters පුවත් සේවයට පවසා ඇත්තේ, පස්වරුව වන විට ගින්න මැඩපවත්වා තිබුණද, විනාශ වූ ගොඩනැගිලිවල සුන්බුන් අතරින් තවදුරටත් දුමාරය නැගෙමින් තිබූ බවයි.

දකුණු කිවු පළාතේ අගනුවර වන බුකාවු නගරය කොංගෝ ජනරජයේ වඩාත්ම ජනාකීර්ණ කඳුකර නගරවලින් එකක් වන අතර, M23 කැරලිකරුවන් විසින් පසුගිය වසරේ පෙබරවාරි මාසයේදී එම නගරය අත්පත් කරගෙන තිබුණා.
Related recommendation
Hiru TV News | Programmes