පවතින වියළි කාලගුණ තත්ත්වය හමුවේ ප්‍රජා ජල ව්‍යාපෘති සඳහා භාවිත කරන ජල මූලාශ්‍ර 5,464කින් 1,897ක් අවදානම් තත්ත්වයට පත්ව තිබුණත්, සැප්තැම්බර් අවසානය දක්වා පානීය ජල අවශ්‍යතා සපුරාලීමට ප්‍රමාණවත් ජල සංචිත පවතින බව ජල සම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (10) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින්.
මේ වනවිට දිස්ත්‍රික්ක 8ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 36ක පානීය ජල හිඟයක් මතුව ඇති අතර, ඉන් පවුල් 40,945ක් පීඩාවට පත්ව තිබෙනවා.
එම ජනතාවට බවුසර් මගින් සහ වෙනත් ක්‍රම ඔස්සේ ජලය ලබාදීමට අවශ්‍ය කටයුතු සිදුකර ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළා.
ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මගින් පවත්වාගෙන යන ජල සම්පාදන ව්‍යාපෘති 352කින් මේ වනවිට වියළි කාලගුණයෙන් බලපෑමට ලක්ව ඇත්තේ මොනරාගල සහ මඩකලපුව ප්‍රදේශවල ව්‍යාපෘති දෙක පමණක් බවයි ඔහු පැවසුවේ.
මඩකලපුවේ ජාතික ජල සම්පාදන මණ්ඩලයේ ප්‍රධාන ජල මූලාශ්‍රය වන උන්නච්චි ජලාශයේ ජල මට්ටම පහළ යාම හේතුවෙන් පවුල් 75,000කට පමණ ලබාදෙන ජල සැපයුම පැය 24 සිට පැය 20ක් දක්වා අඩු කර තිබෙනවා.
කෙසේ වෙතත්, වාරිමාර්ග දෙපාර්තමේන්තුව සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව සැප්තැම්බර් මාසයේ වර්ෂාව ලැබෙන තෙක් පවතින ජලය කළමනාකරණය කරගත හැකි බවට දැනුම්දී ඇති බවයි අමාත්‍යවරයා පැවසුවේ.
ඊට අමතරව හදිසි තත්ත්වයකදී භාවිත කිරීමට ළිං තුනක් ඉදිකිරීමටද කටයුතු කරමින් පවතින බව ද ඔහු සඳහන් කළා.
වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ප්‍රධාන විශාල ජලාශවල වර්තමාන ජල ධාරිතාව සියයට 34ක් පමණ වන අතර, කෘෂිකාර්මික කටයුතු සඳහා ජලය නිකුත් කිරීම මේ වනවිට අවසන් කර ඇති බවද අමාත්‍යවරයා පැවසුවා.
ඒ අනුව සැප්තැම්බර් අවසානයේ වර්ෂාව ලැබෙන තෙක් පානීය ජල අවශ්‍යතා කළමනාකරණය කරගැනීමට පවතින ජල ධාරිතාව ප්‍රමාණවත් බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම්දී තිබෙනවා.
මහවැලි අධිකාරිය යටතේ පවතින ජලාශවල සාමාන්‍ය ජල ධාරිතාව සියයට 50කට වැඩි මට්ටමක පවතින අතර, ජල පිරිපහදුව සඳහා අවශ්‍ය ජලය ලබාගැනීමේ ගැටලුවක් මේ වනවිට නොමැති බවද සඳහන්.
අම්පාරේ ප්‍රධාන ජල මූලාශ්‍රය වන සේනානායක සමුද්‍රයේ ජල ධාරිතාව සියයට 25ක් පමණ වුවද, කෘෂිකාර්මික කටයුතු සඳහා ජලය නිකුත් කිරීම අවසන් කර ඇති බැවින් වර්ෂාව ලැබෙන තෙක් එම ජලය ප්‍රමාණවත් වනු ඇති බවට අපේක්ෂා කරන බව අමාත්‍යවරයා සඳහන් කළා.
කළු ගඟ සහ කැලණි ගඟ ආශ්රිත ජල පෝෂක ප්‍රදේශවලට වර්ෂාව ලැබීම හේතුවෙන් එම ගංගාවල ජල මට්ටම සැලකිය යුතු ලෙස පහළ ගොස් නොමැති බවද අමාත්‍යවරයා පැවසුවා.
ඒ හේතුවෙන් බස්නාහිර පළාතේ ජාතික ජල සම්පාදන මණ්ඩලයේ පාරිභෝගිකයින් ලක්ෂ 13කට පමණ මේ වනවිට අවදානමක් නොමැති බවයි ඔහු සඳහන් කළේ.
ප්‍රජා ජල ව්‍යාපෘති සඳහා භාවිත කරන ජල මූලාශ්‍ර 5,464කින් 1,897ක් පවතින වියළි තත්ත්වය හේතුවෙන් අවදානම් තත්ත්වයේ පවතින බවත්, ඒ අතර ළිං, නළ ළිං, කුඩා ජලාශ, ඇළ මාර්ග සහ කුඩා දියපාරවල් ඇතුළත් බවත්, අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

Latest News
දෙහිවල සිසු අයියා මලෝ ඝාතනයේ බෝම්බය එල්ල කළ ප්‍රධාන සැකකරු සහ ත්‍රීරෝද රියදුරු අත්අඩංගුවට
Local
15 September 2026
වැව්වලට අයත් මායිම් ලකුණු කිරීමේ රු. මිලියන 400ක ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය
Local
15 September 2026
සලේගේ වෛද්‍ය වාර්තා ලබා නොදීම ගැන කරුණු කියන්න ජාතික රෝහල් අධ්‍යක්ෂකට නොතිසී
Local
15 September 2026
2027 මුදල් වර්ෂය සඳහා වූ විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අනුමැතිය
Local
15 September 2026
ළමා දින ජාතික සතියක් ප්‍රකාශයට
Local
15 September 2026
වී මිලදී ගැනීමට වී අලෙවි මණ්ඩලයට තවත් රුපියල් මිලියන 2,500ක අතිරේක ප්‍රතිපාදන
Local
15 September 2026
AI ගැන අනතුරු ඇඟවීමක්: සමාගම්වලට ‘Kill Switch’ අනිවාර්ය කිරීම ගැන යෝජනාවක්
Local
15 September 2026
චීනය සිය රටින් පිටතට යන පුද්ගලයින් සම්බන්ධයෙන් වන නීති දැඩි කරයි
Local
15 September 2026
"අර්චුනාව ක්ෂණිකව වෙනස් කළේ නාමල්.. එයාගේ තාත්තා තමයි පිල්ලෙයාන් වෙනස් කළේ" - ඉන්දික අනුරුද්ධ
Local
15 September 2026
හිටපු ගුවන් හමුදාපති එයාර් චීෆ් මාෂල් ඩොනල්ඩ් පෙරේරා FCIDයට
Local
15 September 2026