General13 September 2026

එල්නිනෝ බලපෑමෙන් ඇල්ලේගල දිය ඇල්ලත් වේලෙයි

එල්නිනෝ කාලගුණික තත්ත්වයේ බලපෑම හේතුවෙන් මහනුවර උඩදුම්බර ප්‍රදේශයේ ජල මූලාශ්‍ර රැසක් සිඳී ගොස් ඇති බව ප්‍රදේශවාසීන් පවසනවා.

මේ හේතුවෙන් උඩදුම්බර තලගුණේ පිහිටි, සුළං සහිත අවස්ථාවලදී ජලය උඩු අතට ගමන් කරන විරල සුවිශේෂී ස්වාභාවික දසුනක් මවන ඇල්ලේගල දිය ඇල්ලද මේ වන විට ජල බිඳක් හෝ නොමැතිව සම්පූර්ණයෙන්ම හිඳී ගොස් තිබෙනවා.

පවතින දැඩි වියළි කාලගුණය හමුවේ පානීය ජලය ලබාගැනීමට මෙන්ම කෘෂිකාර්මික කටයුතු පවත්වාගෙන යාමටද දැඩි බාධා එල්ල වී ඇති බවත්, වගාවන් සඳහා ජලය නොමැති වීමෙන් ප්‍රදේශයේ ගොවීන් දැඩි අර්බුදයකට ලක්ව ඇති බවත් එම ප්‍රදේශවාසීන් පවසනවා.

සාමාන්‍යයෙන් මෙම කාලසීමාව තුළ ඇල්ලේගල දිය ඇල්ල සිඳී නොයන නමුත්, පවතින වියළි කාලගුණයේ බලපෑම හේතුවෙන් මේ තත්ත්වය හටගෙන ඇති බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.
Related recommendation
Hiru TV News | Programmes