General14 September 2026

මිලිමීටර 119 වැඩිම වැස්ස කළුතර හල්වලට

අද උදෑසන 6:00න් අවසන්වූ ගතවූ පැය 24 තුළ මිලිමීටර් 119. 2 ක වැඩිම වර්ෂාපතනය කළුතර දිස්ත්‍රික්කයේ, හල්වල ප්‍රදේශයෙන් වාර්තාවී තිබෙනවා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය ප්‍රදේශයට ද මිලිමීටර් 80 ක වර්ෂාපතනයක් ඇදහැලී ඇති බවයි.

මේ අතර බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණ, උතුරු මැද සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට අද මිලිමීටර් 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.

එමෙන්ම උතුරුමැද, නැගෙනහිර පළාත් සහ යාපනය, කිලිනොච්චිය, මුලතිව්, වව්නියාව, මොණරාගල සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවල දිවා කාලයේදී මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය අවධානය යොමුකළ යුතු මට්ට්මක පැවතිය හැකි බව සඳහන්.
Related recommendation
Hiru TV News | Programmes