දිවයිනේ ප්‍රදේශ දෙකකදී තියුණු ආයුධවලින් පහරදීම හේතුවෙන් ඊයේ (14) පුද්ගලයින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය පවසනවා.
යක්කලමුල්ල සහ කොටහේන යන පොලිස් වසම්වලින් මෙම අපරාධ වාර්තා වී ඇති අතර, ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බවයි පොලිසිය පවසන්නේ.
යක්කලමුල්ල පොලිස් වසමේ මොරකැටිය ප්‍රදේශයේදී ඊයේ (14) පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇති අතර මෙලෙස මරණයට පත්ව ඇත්තේ යක්කලමුල්ල ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි පුද්ගලයෙක්.
පැරණි ආරවුලක් මත ඇති වූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් තියුණු ආයුධයකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවට දැනට සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරනවා.
ඝාතනය සම්බන්ධයෙන් 27 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, යක්කලමුල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.
මේ අතර, කොටහේන නගරයේදී තියුණු ආයුධයකින් පහරදීමෙන් බරපතල තුවාල ලැබූ පුද්ගලයෙක් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බව කොටහේන පොලිසිය පවසවා.
මෙම සිද්ධියෙන් මියගොස් ඇත්තේ වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි තරුණයෙක් බවයි පොලිසිය පවසන්නේ.
පුද්ගලික ආරවුලක් දුරදිග යාමෙන් පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම ඝාතනය සිදුකර ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.
අදාල සැකකරුවන් මේ වන විට හඳුනාගෙන ඇති අතර, ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා කොටහේන පොලිසිය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරනු ලබනවා.
Latest News
ඉදිරි දින 10 තුළ වැසි තත්ත්වයේ වර්ධනයක්
Local
16 September 2026
මෙරට නව චීන තානාපති සහ හිටපු ජනපති රනිල් අතර හමුවක්
Local
16 September 2026
අධිවේගයේ වාහන ධාවනයේදී ඉදිරිපස ලාම්පු දල්වන ලෙසට රියැදුරන්ට උපදෙස්
Local
16 September 2026
ජොන්ස්ටන්ට එරෙහි නඩුවක් ඔක්තෝබර් 28 තෙක් කල් යයි
Local
16 September 2026
කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අවට ආරක්ෂාව තර කෙරේ
Local
16 September 2026
ඥානසාර හිමියන්ට එරෙහි නඩුව ලබන 30 වැනිදා යළි කැඳවයි
Local
16 September 2026
ජර්මානු බුන්ඩස්ටාග් දකුණු ආසියානු පාර්ලිමේන්තු කණ්ඩායම විපක්ෂ නායක හමුවෙයි
Local
16 September 2026
හිටපු පා.ම. තිස්ස කුට්ටිආරච්චි නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට පැමිණෙයි
Local
16 September 2026
ලොස් ඇන්ජලීස් නගරයේ සිදුවූ අනතුරක් වාර්තා කිරීමට ගිය හෙලිකොප්ටරයක් කඩා වැටී තිදෙනෙකු මරුට
Local
16 September 2026
FCID කැඳවීමක් තිබියදී ශිරන්ති රටින් පිට වූ බවට පළවන වාර්තා අසත්‍ය බවට පවුලේ සාමාජිකයෙකුගෙන් දැනුම්දීමක්
Local
16 September 2026