එයාර් බස් ගනුදෙණුව සම්බන්ධයෙන් සිදු කරනු ලබන විමර්ශනයකට අදාලව අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ලබන 29 දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම අද (18) නියෝග කළා.
සැකකරු සම්බන්ධයෙන් අධිකරණයේ දි සුවිශේෂී කරුණු ඉදිරිපත් නොවිම නිසා එලෙස රක්ෂිත බන්ධනාගාරගත කළා.
සිද්ධියට අදාල නඩුව කැඳවු අවස්ථාවේදි අල්ලස් කොමිසම විසින් කරන ලද කරුණු දැක්වීමෙන් අනතුරුව මෙලෙස නියෝග කළා.
අල්ලස් කොමිසම වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජනරාල් ජනක බංඩාර අධිකරණයට කරුණු දක්වමින් පවසා සිටියේ සිද්ධියට අදාල විමර්ශනය අවසන් අදියරේ පවතින බැවින් සැකකරුට ඇප ලබා දීමට විරැද්ධ වන බවයි. තවද මෙම සැකකරු විසින් මෙම ගණුදෙනුවට අදාලව කෝටි 10 ක මුදලක් අල්ලස් ලෙස ලබාගෙන ඇති බවයි.
තවද දුෂණ වීරෝධි පනතේ 149 වගන්ති ප්‍රකාරව ඇප දිය හැකි වුවද අල්ලසක් ඉල්ලා ඇත්නම් විමර්ශනය අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාරගත කළ හැකි බවත් ඇප දීමට නම් සුවිශේෂී කරුණු තිබිය යුතු බවයි.
තවද මෙම සිද්ධියට අදාලව හිටපු කතානායක චමල් රාජපක්ෂගේ නිල නිටසේදී රැස්වීමක් පවත්වා ඇති බවද නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් ජනක බණ්ඩාර අධිකරණයට දන්වා සිටියා.
මෙම සිද්ධියේ තුන්වැනි සැකකරු වන ශමීන්ද රාජපක්ෂගේ පියා චමල් රාජපක්ෂවන බැවින් ඔහුගෙන් ප්‍රකාශ ලබා ගත් බවත් තවද එයාර් බස් සමාගමේ එවකට අධ්‍යක්ෂක වශයෙන් සිටි සුසන්ත චමින්ද යන අයගෙන් ඇතුලු කිහිප දෙනෙකුගෙන් සිද්ධියට අදාලව ප්‍රකාශ ලබා ගත් බවයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා දන්වා සිටියේ.
සිද්ධියට සම්බන්ධයෙන් වැඩිදුරටත් අධිකරණයට කරුණු දක්වමින් සොලිස්ටර් ජනරාල්වරයා මෙලෙස කරුණු දැක්වුවා.
" ස්වාමීනි , මෙම සිද්ධියට අදාලව විමර්ශනයක් ආරම්භ කළා. ඒ කරන ලද විමර්ශන අනුව තමයි මෙම සැකකරු අත්අඩංගුවට ගත්තේ. අල්ලස් කොමිසම සහ CID එක එකතු වෙලා තමයි මෙම විමර්ශනය කරන්නේ. විමර්ශනයට අදාලව වර්චුවල් ලීගල් හරහා ඕස්ට්‍රේලියාව,
ප්‍රංශය, සිංගප්පූරුව සහ ඇමරිකන් එක්සත් ජනපදයෙන් පුලුල් විමර්ශනයක් කළා. මේ යන්නේ එහා අවසන් අදියර. මෙම සැකකරු මෙම සිද්ධියට අදාලව මුදල් විශුද්ධිකරණ පනත යටතේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකකරුවකු කර කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව ලබන 23 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. තවද මෙම සිද්ධියට අදාල අනෙක් සැකකරුවන් වන කපිල චන්ද්‍රසේනගේ බිරිද , සහ ශමීන්ද්‍ර රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර තිබෙනවා. CID සහ අල්ලස් කොමිසම විසින් ජෝයින්ඩ්ව කරන මෙම විමර්ශනයේ ඉදිරි නෛතික ක්‍රියාමාර්ග ගැන කඩිනමින්ව කටයුතු කිරීමට කටයුතු කරනවා. ඒ සදහා දුෂණ වීරෝධි පනතේ 69 වගන්තිය අනුව නිතිපති උපදෙස් ලබා ගන්න පුලුවන්. අල්ලස් කොමිසම විසින් කරන විමර්ශනයට අදාලව නිතිපති උපදෙස් ඉල්ලා තිබෙනවා.
" අල්ලස් පනතේ 149 වගන්ති අනුව විමර්ශනය අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාරගත කළ හැකියි. මොවුන් ප්රතිශෝධන ඉල්ලුම් පත්‍රයක්වත් ඉදිරිපත් කර නැහැ.
මහේස්ත්‍රාත්වරයා
වරෙන්තුකරුවන් සම්බන්ධයෙන් මොනාද ගෙන තිබෙන ඉදිරි පියවර
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා
" ස්වාමීනී මෙම සිද්ධියට අදාලව වරෙන්තු වී සිටින දෙවැනි සහ තුන්වැනි සැකකරුවන්ට රතු නිවේදන නිකුත් කිරීමට අදාල රටවල්වලට පියවර ගෙන තිබෙනවා. ශාමීන්ද රාජපක්ෂට අදාල රතු නිවේදනය publish කර තිබෙනවා. "
සැකකරු වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නීතිඥ ශාවීන්ද්ර ප්‍රනාන්දු පවසා සිටියේ ගියවර නඩු දිනයේ දී 149 වගත්තිය අභියෝගයට ලක් නොකළ ද අද අභියෝගයට ලක් කරන බවයි.
ජනාධිපති නීතිඥ ශාවීන්ද්ර ප්‍රනාන්දු
" ස්වාමීනි ඇප ලබා දීමට සුවිශේෂී කරුණු තිබිය යුතුයි. නමුත් 149 වගත්තියට අනුව සුවිශේෂී අවස්ථාද තිබිය හැකි. ස්වාමීනි මෙම සැකකරු සම්බන්ධයෙන් සුවිශේෂී අවස්ථා කිහිපයක් සලකා බලන්න පුළුවන්. පළවෙනි කාරණය තමයි ස්වාමීනි මෙම සිද්ධියේ සාක්ෂිකරුවෙකු වන්නේ නිමල් පෙරේරාගේ බැංකු ගිණුම්වලට දෙවන සැකකාරිය වන ප්‍රියංකා නියෝමාලිගේ ගිණුම් වලින් තමයි බැර වෙලා තිබෙන්නේ. ඔහු පළමු අවස්ථාවේ ප්‍රකාශ දෙද්දී එම බැංකු ගිණුම් ඔහුගේ නෙවෙයි කිව්වා.දෙවැනියට ලබා දෙද්දීත් තවත් බොරු ප්‍රකාශයක් කරලා. මෙලෙස නිමල් පෙරේරා බොරු ප්‍රකාශ ලබා දුන් බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බී වාර්තා වලින්ම අධිකරණයට කරුණු දක්වලා තිබෙනවා.
" දෙවැනි සුවිශේෂි අවස්ථාව තමයි හඟුරන්කෙත පොතුගුල් විහාරයේ කොත පලදනා උත්සවයට සහභාගී වන ලෙස සැප්තැම්බර් 16 වන දින රාත්‍රී 7.42 ට පමණ ඇරයුමක් ලැබී ඇති බවයි. එයට සැප්තැම්බර් 26 සහභාගි විමට අවශ්‍යයයි.ලංකාවේ දළදා පෙරහරට පසුව තිබෙන සුවිශේෂී පෙරහැර මෙය බැවින් එයට සහභාගී වීම අත්‍යවශ්‍ය කාරණාවක් ලෙස සලකා ඇප ලබා දෙන ද ජනාධිපති නීතීඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.
ඉදිරිපත් වු කරුණු සලකා බැලු මහේස්ත්‍රාත්වරයා සැකකරු ලබන 29 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළා.
එදිනට ඇප නියෝගය සලකා බැලීමට නියමිතයි.
Latest News
අනෝජන්ගේ ජීවිතය බේරාගැනීමට කඩිනම් මැදිහත්වීමක් අවශ්‍යයි – ෆයිසර් මුස්තාෆා
Local
19 September 2026
බඩල්ගමදී මා ඔයේ සැඩපහරට හසුවූ සිව්දෙනාම ජීවිතක්ෂයට
Local
19 September 2026
ක්‍රිකට් අතුරු කමිටුවේ තීරණයට එරෙහිව මිලියන 75ක වන්දි ඉල්ලා ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ වාණිජ මහාධිකරණය හමුවට
Local
19 September 2026
අද සිට නිරිත දිග ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩිවීමක්
Local
19 September 2026
චීන උප අගමැති ඇතුළු දූත පිරිසක් අමෙරිකාවට
Local
19 September 2026
රියාද් හි ඛාලිද් ජාත්‍යන්තර ගුවන්තොටුපළට ප්‍රහාරයක්
Local
19 September 2026
පරිගණකයක් තියෙන්නේ ගෙවල් 5කින් එකකයි ඩිජිටල් සාක්ෂරතාව ගැන හෙළිදරව්වක්
Local
19 September 2026
ලස්සන වෙනුවෙන් විස විකුණූ පිටකොටුවේ රූපලාවණ්‍ය ජාවාරම පාරිභෝගික අධිකාරියෙන් වටලයි
Local
19 September 2026
රටේ ආර්ථිකයට තවත් පිම්මක් – GDP වර්ධනය 4.2%යි
Local
19 September 2026
බඩල්ගමදී මා ඔයේ දිය නෑමට ගොස් අතුරුදන් වූ තරුණියකගේ සහ තරුණයෙකුගේ සිරුරු සොයා ගැනේ
Local
19 September 2026