General22 September 2026

පාස්කු නඩුවේ දඬුවම් ප්‍රකාශයට පත්කිරීම මඳ වේලාවකට කල් තැබෙයි

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර මාලාවට අදාල ප්‍රධාන නඩුවේ වරදකරුවන් 15 දෙනා සම්බන්ධයෙන් වන දඬුවම් ප්‍රකාශයට පත් කිරීම මඳ වේලාවකට කල් තැබීමට කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය තීරණය කර තිබෙනවා.

අද (22) රාත්‍රී 7.30ට පමණ එලෙස මඳ වේලාවට කල්තැබීම සිදුවුණා.

කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරුවරුන් වන නවරත්න මාරසිංහ (සභාපති විනිසුරු), සුජීව නිශ්ශංක සහ රාමනාදන් කන්නන් යන විනිසුරු මඬුල්ල ඉදිරියේ මෙම නඩුව කැඳවනු ලබනවා.

එහිදී නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින්, පළමු සැකකරු වන නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 15 දෙනෙකු සියලු චෝදනාවලට වරදකරුවන් බවට අධිකරණය තීන්දු කළා.
තවද, විත්තිකරුවන් 09 දෙනෙකු සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමටද විනිසුරු මඬුල්ල නියෝග කළා.

මෙම නඩුවේ වරදකරුවන් වූයේ,

01 පළමුවැනි විත්තිකරු - මොහොමදු නවුෆර් මවුලවී
02 දෙවැනි විත්තිකරු - මොහොමඩ් සරීෆ් ආදම් ලෙබ්බෙ (ගපූර් මාමා)
03 තෙවැනි විත්තිකරු - හයාතු මොහමදු අහමදු මිල්හාන්
04 සිව්වැනි විත්තිකරු - මොහොමඩ් ඊබ්‍රාහිම් සාදික් අබ්දුල්ලා
05 පස්වැනි විත්තිකරු - මොහොමඩ් ඊබ්‍රාහිම් සාහිඩ් අබ්දුල් හක්
06 හයවැනි විත්තිකරු - මොහොමඩ් අන්වර් මොහොම්ඩ් රිස්කාන්
07 හත්වැනි විත්තිකරු - මොහොමඩ් මන්සූර් මොහොම්ඩ් සනස්දීන්
08 අටවැනි විත්තිකරු - අබ්දූල් මනාෆ් මොහොමඩ් ෆිර්දවුස්
09 නවවැනි විත්තිකරු - මොහොමඩ් රමීස් මොහොම්ඩ් සාජිත්
10 දසවැනි විත්තිකරු - අබ්දූල් ලතීෆ් මොහොම්ඩ් සාෆි (16වැනි චෝදනාව හැර)
11 එකොළොස්වැනි විත්තිකරු - හුසේයිනුල් රිස්වී කාලිද් සමීර්
12 පහළොස්වැනි විත්තිකරු - මොහමදු හනීෆා සෙයිනුල් ආබ්දීන්
13 දහසයවැනි විත්තිකරු - මොහොමඩ් මුස්තෆා මොහොමඩ් හාරිස්
14 දහඅටවැනි විත්තිකරු - රාසික් රසා හුසෙන්
15 දහනවවැනි විත්තිකරු - කච්චි මොහොමදු මොහොමදු ජෙම්සිත්

පාස්කු මහ නඩුවේ නිදොස් කොට නිදහස් වූවෝ

01 දෙ‍ාළොස්වැනි විත්තිකරු - මොහොමඩ් සවාහිර් මොහොම්ඩ් හසන්
02 දහතුන්වැනි විත්තිකරු - මොහොමඩ් ඉෆ්තිකාර් මොහොම්ඩ් ඉන්සාෆ්
03 දහහතරවැනි විත්තිකරු - රශීඩ් මොහොම්ඩ් ඊබ්‍රාහිම්
04 විසිවැනි විත්තිකරු - සෙයිනුල් ආබ්දීන් මොහොමඩ් ජසීම්
05 විසිඑක්වැනි විත්තිකරු - මොහොමඩ් මුස්තපා මොහොමඩ් රිස්වාන්
06 විසිදෙවැනි විත්තිකරු - මීරා සහීබ් මොහොමඩ් නෆ්ලි
07 විසිතුන්වැනි විත්තිකරු - මොහොම්ඩ් අමීර් මොහොමදු අයතුල්ලා
08 විසිහතරවැනි විත්තිකරු - මොහොමඩ් අන්සාර්ඩීන් මොහොම්ඩ් ඉල්මි නොහොත් ඉල්මි
09 විසිපස්වැනි විත්තිකරු - මොහොමඩ් අක්‍රම් අහක්කම්

ඒ අනුව, වරදකරුවන්ට දඬුවම් නියම කිරීම සඳහා මෙලෙස නඩුව මඳ වේලාවකට කල් තැබූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
Related recommendation
Hiru TV News | Programmes