ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ අරමුදල් පහසුකම යටතේ අටවැනි වාරිකය ලබා ගැනීමට අදාළ කාර්ය මණ්ඩල මට්ටමේ සාකච්ඡා එකඟතාවයකින් තොරව අවසන් වී තිබෙනවා.
කෙසේ වෙතත් ඔවුන් සිය ස්ථාවරය දැනුම් දීම සඳහා මාධ්‍ය හමුවක් ද කැඳවා තිබුණා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ අරමුදල් පහසුකම යටතේ ක්‍රියාත්මක වන ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිසක් පසුගියදා මෙරට සංචාරයක නිරතවුණා.
ඒ යටතේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විස්තීරණ අරමුදල් පහසුකම (EFF) යටතේ වන හත්වන සමාලෝචනය සහ 2026 වසර සඳහා වන IV වගන්ති උපදේශන ක්‍රියාවලිය සම්බන්ධයෙන්, එම අරමුදලේ කාර්ය මණ්ඩලය සහ ශ්‍රී ලංකා බලධාරීන් අතර සාකච්ඡා පැවැත්වුණා.
මෙම සංචාරය අතරතුර, IMF නියෝජිත පිරිස ජනාධිපති අනුර කුමාර දිසානායක, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ යන මහත්වරුන් සහ රජයේ ඉහළ පෙළේ නිලධාරීන් මුණගැසී සාකච්ඡාවල නිරත වුණා.
එහිදී, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ අරමුදල් පහසුකම යටතේ වන හත්වැනි සමාලෝචනය සහ 2026 හතරවන උපදේශනය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩලය සහ ශ්‍රී ලංකා බලධාරීන් අතර සාකච්ඡා මාලාවක් පැවැත්වුණා.
මෙහිදී හත්වැනි සමාලෝචනය සාර්ථකව අවසන් කර ගැනීම සඳහා අවශ්‍ය වන ආර්ථික ප්‍රතිපත්ති සහ පරාමිතීන් සම්බන්ධයෙන් අවසාන එකඟතාවයකට පැමිණීම සඳහා පැවැති සාකච්ඡා එකඟතාවයකින් තොරව අවසන් වී තිබෙනවා.
මීට පෙර පැවැති සාකච්ඡා වලදී කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයන්ට එළැඹි නමුත් 7 වැනි සමාලෝචනය සම්බන්ධයෙන් පැවැති සාකච්ඡා වලදී එකඟතාවයකට නොපැමිණීම විශේෂත්වයක්.
IMF නියෝජිත පිරිස 2026 සැප්තැම්බර් 10 සිට 23 දක්වා මෙරට සිදුකළ සංචාරය අවසානයේ ඔවුන් පවසන්නේ, සත්වන සමාලෝචනය නිල වශයෙන් අවසන් කිරීමට අවශ්‍ය පරාමිතීන් සහ ඉදිරි ප්‍රතිපත්තිමය රාමුව සම්බන්ධයෙන් අදාළ එකඟතාවයන්ට එළඹීමට අදාළ සාකච්ඡා තවදුරටත් ඉදිරියට පැවැත්වෙන බවයි.
පැමිණි ආර්ථික බලපෑම් හමුවේ වුවද ශ්‍රී ලංකා ආර්ථිකය ශක්තිමත් නැගී සිටීමේ හැකියාවක් පෙන්නුම් කර ඇති අතර, 2026 වසරේ දෙවන කාර්තුවේදී ආර්ථිකය සියයට 4.2 කින් වර්ධනය වී තිබෙන බවත් මෙය අඛණ්ඩව කාර්තු එකොළහක් පුරා වාර්තා වූ ශක්තිමත් වර්ධනයක් සලකුණු කරන බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) මෙහෙයුම් ප්‍රධානී ඉවාන් පාපජෝර්ජියෝ පවසා සිටියේ.
කෙසේ වෙතත්, මැදපෙරදිග යුද්ධයේ කාලසීමාව සහ තීව්‍රතාවය, ගෝලීය වෙළඳ ප්‍රතිපත්තිය පිළිබඳ අවිනිශ්චිතතාවය සහ එල් නිනෝ කාලගුණික බලපෑම හේතුවෙන් ශ්‍රී ලංකා ආර්ථිකය තවදුරටත් පහළ මට්ටමේ අවදානම්වලට මුහුණ දෙන බවත් ඔහු පෙන්වා දී තිබෙනවා.
"මෙවැනි හදිසි ආර්ථික බලපෑම් හමුවේ සාර්ව ආර්ථික ස්ථාවරත්වය සුරැකීමට නම්, රාජ්‍ය මූල්‍ය සහ බාහිර ආරක්ෂණ ස්ථර නැවත ගොඩනැගීමට, මිල ස්ථාවරත්වය පවත්වා ගැනීමට සහ සමාජ ආරක්ෂණ ජාල ශක්තිමත් කරමින් යහපාලන න්‍යාය පත්‍රය ඉදිරියට ගෙන යාමට විචක්ෂණශීලී ප්‍රතිපත්ති සහ ප්‍රතිසංස්කරණ සඳහා නොසැලෙන කැපවීමක් අවශ්‍ය වේ," යැයි IMF මෙහෙයුම් ප්‍රධානියා සඳහන් කර
තිබෙන්නේ.
එමෙන්ම 5% උද්ධමන ඉලක්කය සහ වගවීම පවත්වා ගන්නා ලෙස උපදෙස්දීි ඇති අතර, අඩු සහ ස්ථාවර උද්ධමනයක් ස්ථාපිත කරන්නේ නම්, මීලඟ සමාලෝචනයේදී අඩු උද්ධමන ඉලක්කයක් පිළිබඳ සලකා බැලිය හැකි බවත් ශක්තිමත් මධ්‍ය කාලීන ආදායම් උපාය මාර්ග සංවර්ධනය, බලශක්ති පිරිවැය යථා තත්ත්වයට පත් කිරීම සහ ප්‍රාග්ධන ආයෝජන ක්‍රියාත්මක කිරීම මෙරට ප්‍රධාන ප්‍රමුඛතා විය යුතු බවයි IMF කාර්ය මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ.
කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල ඇගයීම සඳහා මෙරටට පැමිණි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරී කණ්ඩායම සිය නිල සංචාරය අද, නිල වශයෙන් අවසන් කළ ද සාකච්ඡා තවදුරටත් පවත්වා ගෙන යාමටයි එකඟ වී ඇත්තේ.
මධ්‍යම ආසියානු සහ මැද පෙරදිග කලාපයේ ඇති වූ යුදමය වාතාවරණය හමුවේ වුවද, ශ්‍රී ලංකා රජය ගත් කාලීන සහ කඩිනම් ක්‍රියාමාර්ග හේතුවෙන් රටේ සාර්ව ආර්ථික හා සමාජීය ස්ථාවරත්වය ආරක්ෂා කර ගැනීමට හැකි වූ බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ස්ථාවරත්වය වී තිබෙනවා.

Latest News
දරුවන්ගේ දත් මැදීම සහ ඩිජිටල් තිර කාල සීමාව ගැන අනාවරණයක්
Local
23 September 2026
බංග්ලාදේශ බන්ධනාගාර තදබදය ගැන දැඩි කතාබහක්
Local
23 September 2026
සොයිසාපුර නිවාස සංකීර්ණයේ ගින්නට හේතුව ගෑස් කාන්දුවක් - පොලිසිය
Local
23 September 2026
සොයිසාපුර නිවාස සංකීර්ණයේ ගින්න පාලනය කෙරේ
Local
23 September 2026
වතුකම්කරුවන් තිදෙනෙකුට බඹර ප්‍රහාරයක්
Local
23 September 2026
ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර නිකුත් කිරීම ලබන 25 සිට 28 දක්වා අත්හිටුවයි
Local
23 September 2026
වැලිසර මහබාගේ පරිගණක අලෙවි සලක ගින්නක්
Local
23 September 2026
බෙංගාල බොක්කේ ගැඹුරු පීඩන අවපාතය අද රාත්‍රියේ ඉන්දීය වෙරළට
Local
23 September 2026
මොරටුව සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයේ ගින්නකින් අයෙක් මරුට දෙදෙනකුට තුවාලයි
Local
23 September 2026
ඩොලර් බිලියන 24.85ක් රටින් පිටකිරීමේ ජාවාරමේ තවත් ව්‍යාපාරිකයෙක් ලබන 01 වැනිදා තෙක් රිමාන්ඩ්
Local
23 September 2026