කෘත්‍රිම බුද්ධිය (AI) යන වචනය වෙනුවට එය "සුපිරි බුද්ධිය" (Super Intelligence – SI) ලෙස හැඳින්විය යුතු බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යෝජනා කර තිබෙනවා.
නිව්යෝර්ක් නුවර පැවති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය අමතමින් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ, "Artificial Intelligence" යන නාමය තාක්ෂණය ව්‍යාජ දෙයක් ලෙස හැඟවෙන බවයි.
ඒ අනුව, ඉදිරියේදී අමෙරිකානු රාජ්‍ය ලේඛනවල පමණක් නොව ලොව පුරාද "Artificial" වෙනුවට "Super" යන වචනය භාවිත කරනු ඇතැයි ඔහු බලාපොරොත්තු වන බව සඳහන් කර තිබෙනවා.
ජනපති ට්‍රම්ප් පසුගිය සතියේ සිය Truth Social ගිණුම හරහා AI සඳහා නව නම් කිහිපයක් පිළිබඳව ජනතාවගෙන් මත විමසුමක්ද සිදුකර ඇති බව සඳහන්.
එහිදී "Superior Intelligence", "Extreme Intelligence" සහ "Supreme Intelligence" යන නම්ද යෝජනා වී තිබූ අතර, අවසානයේ "Super Intelligence" යන නම වැඩි කැමැත්තක් ලබාගෙන ඇති බවයි BBC පුවත් සේවය වාර්තා කරන්නේ.
කෙසේ වෙතත්, තාක්ෂණ ක්ෂේත්රයේ විශේෂඥයන් සඳහන් කර ඇත්තේ, "Super Intelligence" යන යෙදුම දැනට පවතින AI පද්ධති සඳහා භාවිත කිරීමට සුදුසු නොවන බවයි.
ඔවුන් පෙන්වා දෙන්නේ "Super Intelligence" යන්න තාක්ෂණ ක්ෂේත්රය තුළ මිනිසුන්ගේ හැකියාවන් සෑම අංශයකින්ම අභිබවා යන වඩාත් දියුණු බුද්ධි පද්ධතියක් හැඳින්වීමට භාවිත කරන යෙදුමක් බවයි.
මෙල්බර්න් විශ්වවිද්‍යාලයේ ඩිජිටල් ආචාරධර්ම පිළිබඳ කථිකාචාර්ය සයිමන් කොග්ලන් සඳහන් කර ඇත්තේ, මෙම නාම වෙනස නොමග යවන සුළු එකක් විය හැකි බවයි.
එමෙන්ම, සිංගප්පූරු ජාතික විශ්වවිද්‍යාලයේ පරිගණක විද්‍යා කථිකාචාර්ය බෙන් ලියොන්ග් පෙන්වා දී ඇත්තේ, වෘත්තීයවේදීන් විසින් "SI" යන යෙදුම වඩාත් ඉහළ මට්ටමේ AI තාක්ෂණයක් සඳහා භාවිත කිරීමට කැමති වනු ඇති බවයි.
කෙසේ වෙතත්, ජනපති ට්‍රම්ප් සමීප කණ්ඩායමේ ඇතැම් පුද්ගලයින් දැනටමත් නව "Super Intelligence" යන යෙදුම භාවිත කිරීමට ආරම්භ කර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

Latest News
ඇෆ්ගනිස්ථානයට එල්ල වූ ගුවන් ප්‍රහාර ගැන ඉන්දියාවෙන් පාකිස්ථානයට දොස්
Local
23 September 2026
කොළඹ කොටස් වෙළෙඳපොළ ඒකක 31.14කින් ඉහළට
Local
23 September 2026
ඉන්ධන මිල සංශෝධනයක් හෝ සහනාධාරයක්: ඛනිජ තෙල් සභාපතිගෙන් හෙළිදරව්වක්
Local
23 September 2026
මත්තේගොඩ යතුරුපැදි අලුත්වැඩියා ස්ථානයක ගින්නක් – කෝටියකට අධික දේපළ විනාශයි
Local
23 September 2026
රුසියානු කාන්තාවක් ජාවාරම් කළ යුවළගේ සිරදඬුවම අඩු කරයි
Local
23 September 2026
පැසිෆික් සාගරය කළඹමින් ‘පෝලෝ’ සුළි කුණාටුව මෙක්සිකෝව දෙසට
Local
23 September 2026
පාස්කු මහ නඩුවේ අවසන් තීන්දුවේ සුවිශේෂී තැන්.....
Local
23 September 2026
ක්‍රිකට්වල ලොව වැඩිම Hit Wicket දැවී යාම් ශ්‍රී ලංකාවෙන්
Local
23 September 2026
දකුණු අප්‍රිකාවේ නිවසකට එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් 11 දෙනෙකුට දිවි අහිමි වෙයි
Local
23 September 2026
ග්‍රීන්ලන්තයේ නව හමුදා කඳවුරු දෙකක් ඉදිකිරීමට අමෙරිකාවට අවසර
Local
23 September 2026