හලාල් සහතිකය මින් ඉදිරියට මෙරට තුළ භාවිතා නොකරන බව ලංකා වානිජ මණ්ඩලය ප්‍රකාශ කළා. කොළඹ අද (11) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුකට එක්වෙමින් එහි සභාපති සුසන්ත රත්නායක කියා සිටියේ මින් ඉදිරියේදී මෙරටින් අපනයනය කරන භාණ්ඩවලට පමණක් හලාල් සහතිකය නිකුත් කරන බවයි.
[MP3]s54984_1[/MP3]
මෙම මාධ්‍ය හමුවට සමස්ත ලංකා ජමියතුල් උලමා සභාවේ නියෝජිතයින්ද එක්ව සිටියා. එහිදී අදහස් දැක්වූ සමස්ත ලංකා ජමියතුල් උලමා සභාවේ, හලාල් සහතිකය නිකුත් කරන අංශයේ ප්‍රධානී මුර්ෂීඞ් මුලාසර් කියා සිටියේ හලාල් ලාංඡනය ජාතික සමගිය සඳහා ගැටළුවක් වේ නම් එය ඉවත් කරගැනීමට ද තමන් සූදානම් බවයි.
[MP3]s54984_2[/MP3]
මතබේදයට තුඩුදුන් හලාල් සහතිකය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වානිජ මණ්ඩලය මෙම තීරණ ගැනීමට පෙර කර්මාන්ත ක්ෂේත්රය නියෝජනය කරන තම සාමාජිකයින් සමගද සාකච්ඡ කර තිබෙනවා. නව තීරණවලට එලඹීමට පෙර සමස්ත ලංකා ජමියතුල් උලමා සභාව භාණ්ඩ නිෂ්පාදකයින්ගෙන් ඉල්ලා සිටියේ හලාල් සහතිකය සහිතව සහ රහිතව එකම භාණ්ඩය වෙළඳපොළට නිකුත් කරන ලෙසයි.
කෙසේ වෙතත් එම තීරණය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ නොහැකි බවට තම නියෝජිතයින් ප්‍රකාශ කළ බව ශ්‍රී ලංකා වානිජ මණ්ඩලය අද පැවති මාධ්‍ය හමුවේදී මාධ්‍ය වෙත ලබාදුන් නිවේදනයක සඳහන්. වෙළඳ සැල්වල ඇති සීමිත ඉඩ ප්‍රමාණයේ එකම භාණ්ඩය හලාල් ලාංඡුනය සහිතව සහ රහිතව අලෙවි කිරීමද ප්‍රායෝගික නොවන බව එහිදී තීරණය වී තිබෙනවා.
Latest News
22 ගැන අධිකරණයේ රහස් තීන්දුව ජනාධිපති දන්නේ කොහොමද? - විපක්ෂ නායක සජිත් ප්‍රශ්න කරයි
බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ හිටපු සභාපතිවරයෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට
මීසාලේ ජල පිරිපහදු ආයතනයෙන් ලක්ෂ 13කට අධික කේබල් සොරකම් කළ දෙදෙනෙකු අත්අඩංගුවට
පාස්කු සිද්ධියට හිටපු බුද්ධි නිලධාරියකුගේ විදෙස් ගමන් තහනම්
දෙවන කාර්තුවේ ආර්ථික වර්ධනය 4.2%ක්
වරාය නගරයේ ඩොලර් මිලියන 112ක ව්‍යාපෘතියක්
පිල්ලෙයාන්, ලබන 29 දක්වා රිමාන්ඩ්
කොළඹ කොටස් වෙළෙඳපොළ ඒකක 51.79කින් පහළට
මිග් යානා ගනුදෙනුව: හිටපු ගුවන් හමුදාපති ඩොනල්ඩ් පෙරේරාගෙන් පැය 6ක ප්‍රකාශයක්
අධිවේගයේ යන වාහනවල සියළුම ආසනවල ආසනපටි පැළඳීම 20 වැනිදා සිට අනිවාර්යයි