කුරිරු කොටි ත්‍රස්තවාදීන් අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට ප්‍රහාර එල්ල කර අදට වසර 28 ක් සපිරෙනවා. මහ සඟ රුවන, දරුවන්, මව්වරුන් සහ සැදැහැවතුන් 146 දෙනෙකු එදා එම ප්‍රහාරයෙන් මියගියා. මේ ඒ පිළිබඳව හිරු ප්‍රවෘත්ති අංශය තබන සටහනක්.
දිනය 1985 වසරේ මැයි 14 වැනිදායි. වෙලාව පෙරවරු 8 ට ආසන්න වී තිබුණා. පුත්තලම - ඩිපෝවට අයත් එළුවන්කුලම බලා ධාවනය වූ ශ්‍රී ලංගම බස් රථය රියදුරු සහ කොන්දොස්තර ඝාතනය කර පැහැරගත් එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් හමුදා නිල ඇඳුමින් සැරසී අනුරාධපුරය බලා පැමිණියා. බසයෙන් බැසගත් ඔවුන් අනුරාධපුර නගරයේ හතර අතට වෙඩි තබා මිනිසුන් ඝාතනය කළේ සිත් පිත් නැති තිරිසනුන් පිරිසක් ලෙසින්. අනුරාධපුර කඩවීදියේ රැඳී සිටි කිරිබොන වයසේ දරුවන් මෙන්ම අහිංසක මිනිසුන්ද කොටි වෙඩි පහරින් මෙලොව හැර ගියා. උන්මත්තක ත්‍රස්තවාදීන් සතර අතට වෙඩි තබමින් දිවගියේ ගෞතම මුනිඳුන් පිටදුන් කෝටි සංඛ්‍යාත බෞද්ධයන්ගේ ආශිර්වාදාත්මක සංකේතය වූ ජයශ්‍රී මහා බෝ සමිඳුන් දෙසටයි. කුරිරු ත්‍රස්තවාදීන්ගේ ම්ලේච්ඡුත්වය එහි රැඳී සිටි සැදැහැවතුන් දැන සිටියේ නැහැ. නිරායුධ සැදැහැවත් ජනතාව අතර සිටි භික්ෂුණීන් වහන්සේලා කිහිප නමක්ද කොටි ත්‍රස්තවාදීන්ගේ වෙඩි පහරට ලක්ව ඒ පින් බිමේදීම අවසන් සුසුම් හෙලූවා. සිද්ධියෙන් මියගිය සංඛ්‍යාව 146 ක් බවයි පසුව වාර්තාවුණේ. තවත් 100 කට වැඩි පිරිසක් තුවාල ලබා රෝහල් ගත කෙරුණා.
කොටි සාමාජිකයන් 25 දෙනෙකු පමණ ප්‍රහාරයට පැමිණ තිබූ අතර ඔවුන් ඒ මහා මිනිස් සංහාරය සිදුකර විල්පත්තු අභය භූමිය ඔස්සේ නිරුපද්‍රිතව පළාගොස් තිබුණා. මෙම අමිහිරි අත්දැකීමට මුහුණ දුන් අනුරාධපුර හිරු වාර්තාකරු සීසර් කුරුනේරු එය මෙලෙස පැහැදිළි කළා.
[MP3]s58966[/MP3]
එහෙත් පරම පූජණීය වූ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩ සිටින මළුව ලෙයින් තෙත් කළ ඔවුන්ට ඒ, මහා පාප කර්මයෙන් ගැළවීමට සිදුවුණේ නැහැ.
2009 වසරේ මැයි 18 වැනිදා ත්‍රස්තවාදය අවසන් කර, රටට සැබෑ නිදහස උදා කිරීමේ විජයග්‍රහණයේ හතරවන සැමරුමට ඇත්තේ තවත් දින 4 ක් පමණයි. ඒ වෙනුවෙන් හිරු ප්‍රවෘත්ති අංශය කොටි ත්‍රස්තවාදීන් සිදුකරගත් මහා පාප කර්මයට ඔවුන් වන්දි ගෙවූ කථාව සැබෑ නිදහසේ විජයග්‍රහණය ලෙසින් හෙට සිට ඔබ වෙත ගෙන ඒමට සූදානම්.
මේ ඒ පිළිබඳව ප්‍රතිනිර්මිත වීඩියෝ පටයක්.
Latest News
විදේශ විනිමය ආකර්ෂණය කරගැනීමට ඉන්දියාව ගත් පියවර සාර්ථකයි: ඩොලර් බිලියන 72කට වැඩි මුදලක් රට තුළට
‘බස් ලලිත්’ ගෙන ආ පුවතට හංවැල්ල ඇතුළු ප්‍රදේශ රැසක ජනතාවගෙන් සැමරුම්
ඉරානයට එරෙහිව ඉතිහාසයේ දැවැන්තම මූල්‍ය ප්‍රහාරය ඇරඹූ බව අමෙරිකාව කියයි
මාකුඹුරේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවකදී බස් රියදුරන් හා කොන්දොස්තරවරුන් 9ක් මත්ද්‍රව්‍ය පානය කර සිටියදී හසුවෙයි
හෝමුස් සමුද්‍ර සන්ධියේ නීති උල්ලංඝනය කළ නෞකා 45කට ඉරානයෙන් දැඩි අනතුරු ඇඟවීමක්
කැනඩාවෙන් ගෙන්වන මෝටර් රථ, ලොරි සහ වානේ සඳහා අමෙරිකාවෙන් 50%ක නව බද්දක්
වැඩිදුර පරීක්ෂණ සඳහා බස් ලලිත් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට භාර දෙයි
ශ්‍රී ලංකාව වටා මුහුදේ උෂ්ණත්වය සෙල්සියස් අංශකයකින් ඉහළට
බස්නාහිර ඇතුළු පළාත් කිහිපයකට මි.මී. 75 ඉක්මවූ තද වැසි
කැලණි ගඟේ ජල ගුණාත්මකභාවය හේතුවෙන් අත්හිටවූ ජල සැපයුම පැය කිහිපයකින් යථා තත්ත්වයට