Business07 July 2026

IIHS වසර 25ක ගමන් මඟ සමරමින් උපාධිධාරීන් 650කට වැඩි පිරිසක් බිහිකරයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සෞඛ්‍ය අධ්‍යාපන ආයතනයක් වන Inteational Institute of Health Sciences (IIHS) සිය 2026 උපාධි ප්‍රදානෝත්සවයේදී සෞඛ්‍ය වෘත්තිකයන් 650කට අධික පිරිසකට උපාධි හා වෘත්තීය සුදුසුකම් පිරිනමමින් සෞඛ්‍ය අධ්‍යාපන ක්ෂේත්‍රයේ වසර 25ක සුවිශේෂී ගමන් මඟ සනිටුහන් කළේය.

මෙම උත්සවය ජූනි 24 වැනිදා රාගම Wave & Lake Banquet Hallහිදී උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි. උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්සත් රාජධානියේ University of Surrey හි Health and Biomedical Informatics පිළිබඳ මහාචාර්ය නොෆාර් ගයිෆ්මන් සහභාගි වූ අතර, අනාගත සෞඛ්‍ය සේවාව ගොඩනැගීම සඳහා නවෝත්පාදනය, තාක්ෂණය, පර්යේෂණ සහ බහුවිෂය සහයෝගීතාවයේ වැදගත්කම ඔහු අවධාරණය කළේය.

මෙවර උපාධි ප්‍රදානෝත්සවයේදී Foundation, Diploma, Advanced Diploma, Bachelor’s සහ Master’s මට්ටමේ වැඩසටහන් සාර්ථකව නිම කළ සිසුන්ට සුදුසුකම් පිරිනැමිණි.

Foundation in Biological Sciences, Diploma in General Nursing, Biomedical Sciences, Physiotherapy හා General Nursing පිළිබඳ Advanced Diploma මෙන්ම ජාත්‍යන්තර විශ්වවිද්‍යාල සමඟ අනුබද්ධ උපාධි හා පශ්චාත් උපාධි වැඩසටහන්ද ඒ අතරට ඇතුළත් විය.

මෙවර උපාධි ප්‍රදානෝත්සවයේ කැපී පෙනෙන සන්ධිස්ථානය වූයේ IIHS Professional Bachelor’s වැඩසටහන්වල පළමු කණ්ඩායම උපාධි ලබා ගැනීමයි. Nursing, Public Health, Dental Therapy and Oral Hygiene සහ Public Health and Midwifery යන ක්ෂේත්‍රවල සිසුන් 227 දෙනෙකු Professional Bachelor’s උපාධි හිමිකර ගත්හ.

පසුගිය වසර 25 තුළ IIHS සාම්ප්‍රදායික සෞඛ්‍ය අධ්‍යාපන ආයතනයක් ඉක්මවා ගොස්Global Gateway for Healthcare Careers ලෙස ගෝලීය සෞඛ්‍ය වෘත්තීන් සඳහා පිවිසුම් දොරටුවක් බවට පත්වී ඇත. එහි ජාත්‍යන්තර ප්‍රමිතියේ අධ්‍යාපන වැඩසටහන්, ගෝලීය විශ්වවිද්‍යාල හවුල්කාරිත්ව සහ කර්මාන්තය පිළිගත් සුදුසුකම් හේතුවෙන් IIHS සහතික ලොව පුරා උසස් අධ්‍යාපනය, වෘත්තීය ලියාපදිංචිය, රැකියා සහ සංක්‍රමණ අවස්ථා සඳහා පිළිගැනෙන “ගෝලීය ගමන් බලපත්‍රයක්” බවට පත්වී තිබේ.

මේ වන විට IIHS රාජ්‍ය හා පෞද්ගලික සෞඛ්‍ය අංශ සඳහා හෙද හා සෞඛ්‍ය වෘත්තිකයන් 5,000කට අධික පිරිසක් පුහුණු කර ඇති අතර, එහි උපාධිධාරීහු 2,500කට වැඩි පිරිසක් එක්සත් රාජධානිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, කැනඩාව, ඇමරිකා එක්සත් ජනපදය සහ මැද පෙරදිග ඇතුළු රටවල සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයේ නිරතව සිටිති.

 

Related recommendation
Hiru TV News | Programmes