ශ්‍රී ලංකාවේ ප්රමුඛ සුවඳ කූරු හා සුවඳ ආශ්රිත නිෂ්පාදන නිෂ්පාදකයකු සහ අපනයනකරුවකු වන තායි සුමේධා එන්ටර්ප්‍රයිසස් (පුද්ගලික) සමාගම, Business World Inteational Organization සංවිධානය කළ BWIO 2026 සම්මාන උළෙලේදී මහා පරිමාණ නිෂ්පාදන අංශයේ Business of the Year 2026 සම්මානයෙන් පිදුම් ලැබීය.
ගල්කිස්ස මහ හෝටලයේ පැවති සම්මාන උළෙලේදී සමාගමට මෙම ගෞරවය හිමි වූයේ ශ්‍රී ලංකාවේ නිෂ්පාදන ක්ෂේත්රයට සිදු කර ඇති සුවිශේෂී දායකත්වය, උසස් තත්ත්වයේ නිෂ්පාදන, නවෝත්පාදනය සහ ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ ගොඩනඟාගත් සාර්ථකත්වය ඇගයීමක් වශයෙනි.
1989දී සභාපති හා ප්‍රධාන විධායක නිලධාරී සුමේධ ඇල්පිටිය මහතාගේ නායකත්වයෙන් ආරම්භ කරන ලද තායි සුමේධා එන්ටර්ප්‍රයිසස්, දශක තුනකට අධික කාලයක් තුළ ශ්‍රී ලංකාවේ විශ්වාසනීය සන්නාමයක් ලෙස ස්ථාපිත වී ඇත.
සුවඳ කූරු, සුවඳ කූරු කුඩු, සුවඳ තෙල්, වායු සුවඳකාරක ඇතුළු විවිධ සුවඳ නිෂ්පාදන රැසක් දේශීය හා ජාත්‍යන්තර වෙළෙඳපොළට සාර්ථකව සැපයීමට සමාගම සමත් වී තිබේ.
සාම්ප්‍රදායික නිෂ්පාදන ශිල්පීය ක්‍රම නවීන තාක්ෂණය සමඟ ඒකාබද්ධ කර ජාත්‍යන්තර ප්‍රමිතිවලට අනුකූල නිෂ්පාදන වෙළෙඳපොළට ඉදිරිපත් කිරීම සමාගමේ සාර්ථකත්වයට ප්‍රධාන හේතුවක් වී තිබේ. එමෙන්ම පාරිභෝගික අවශ්‍යතාවලට ගැළපෙන නව නිෂ්පාදන හඳුන්වාදීම තුළින් සමාගම සිය වෙළෙඳපොළ තවදුරටත් පුළුල් කරමින් සිටී.
ව්‍යාපාරික සාර්ථකත්වයට අමතරව ග්‍රාමීය ප්‍රදේශවල පවුල් රැසකට ආදායම් මාර්ග සලසා දෙමින් රැකියා උත්පාදනයට සහ ප්‍රජා සංවර්ධනයට තායි සුමේධා එන්ටර්ප්‍රයිසස් සැලකිය යුතු දායකත්වයක් ලබා දී ඇත.
සම්මානය ලැබීමෙන් අනතුරුව අදහස් දැක්වූ සභාපති හා ප්‍රධාන විධායක නිලධාරී සුමේධ ඇල්පිටිය මහතා පැවසුවේ මෙම ජයග්‍රහණය සමාගමේ සේවකයන්ගේ, බෙදාහරින්නන්ගේ සහ ව්‍යාපාර හවුල්කරුවන්ගේ කැපවීමේ ප්‍රතිඵලයක් බවයි.
Latest News
මීගමුව බන්ධනාගාරයේ ගැටුමෙන් නිලධාරීන් සහ රැඳවියන් ඇතුළු 25 ක් ජීවිතක්ෂයට - 100කට අධික පිරිසකට තුවාල
මීගමුව බන්ධනාගාරය තුළ පවතින ගැටුම්කාරී තත්ත්වය පාලනය කිරීම සඳහා අතිරේක පොලිස් කණ්ඩායම් 10ක්
මීගමුව බන්ධනාගාරයේ ගැටුමෙන් නිලධාරීන් සහ රැඳවියන් ඇතුළු 8ක් මරුට - 40කට වැඩි පිරිසකට තුවාල
එකම පුතුගේ උදුලු පහරින් පියා ජීවිතක්ෂයට
රුපියලට අදත් අස්වැසිල්ලක්
මීගමුව බන්ධනාගාරය තුළ අද යළි ඇති වූ නොසන්සුන්තාවයෙන් බන්ධනාගාර නිලධාරින් තිදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු ජීවිතක්ෂයට
මීගමුව බන්ධනාගාර ගැටුමෙන් නිලධාරීන් සහ රැඳවියන් 25ක් තුවාල ලබා රෝහලට
මීගමුව බන්ධනාගාරයේ යළිත් නොසන්සුන් තත්ත්වයක් - බන්ධනාගාර නිලධාරින් කිහිපදෙනෙකුට තුවාල
ජූලි මාසයේ අවසන් දින 5 තුළ පමණක් ඩෙංගු රෝගීන් 5,663ක්
අකුරේගොඩ ඝාතනය ගැන මෝටර් රථ රියැදුරුගෙන් පාපොච්චාරණයක්