Business06 July 2026

තායි සුමේධා එන්ටර්ප්‍රයිසස් Business of the Year සම්මානයෙන් පිදුම් ලබයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ සුවඳ කූරු හා සුවඳ ආශ්‍රිත නිෂ්පාදන නිෂ්පාදකයකු සහ අපනයනකරුවකු වන තායි සුමේධා එන්ටර්ප්‍රයිසස් (පුද්ගලික) සමාගම, Business World Inteational Organization සංවිධානය කළ BWIO 2026 සම්මාන උළෙලේදී මහා පරිමාණ නිෂ්පාදන අංශයේ Business of the Year 2026 සම්මානයෙන් පිදුම් ලැබීය.

ගල්කිස්ස මහ හෝටලයේ පැවති සම්මාන උළෙලේදී සමාගමට මෙම ගෞරවය හිමි වූයේ ශ්‍රී ලංකාවේ නිෂ්පාදන ක්ෂේත්‍රයට සිදු කර ඇති සුවිශේෂී දායකත්වය, උසස් තත්ත්වයේ නිෂ්පාදන, නවෝත්පාදනය සහ ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ ගොඩනඟාගත් සාර්ථකත්වය ඇගයීමක් වශයෙනි.

1989දී සභාපති හා ප්‍රධාන විධායක නිලධාරී සුමේධ ඇල්පිටිය මහතාගේ නායකත්වයෙන් ආරම්භ කරන ලද තායි සුමේධා එන්ටර්ප්‍රයිසස්, දශක තුනකට අධික කාලයක් තුළ ශ්‍රී ලංකාවේ විශ්වාසනීය සන්නාමයක් ලෙස ස්ථාපිත වී ඇත.

සුවඳ කූරු, සුවඳ කූරු කුඩු, සුවඳ තෙල්, වායු සුවඳකාරක ඇතුළු විවිධ සුවඳ නිෂ්පාදන රැසක් දේශීය හා ජාත්‍යන්තර වෙළෙඳපොළට සාර්ථකව සැපයීමට සමාගම සමත් වී තිබේ.

සාම්ප්‍රදායික නිෂ්පාදන ශිල්පීය ක්‍රම නවීන තාක්ෂණය සමඟ ඒකාබද්ධ කර ජාත්‍යන්තර ප්‍රමිතිවලට අනුකූල නිෂ්පාදන වෙළෙඳපොළට ඉදිරිපත් කිරීම සමාගමේ සාර්ථකත්වයට ප්‍රධාන හේතුවක් වී තිබේ. එමෙන්ම පාරිභෝගික අවශ්‍යතාවලට ගැළපෙන නව නිෂ්පාදන හඳුන්වාදීම තුළින් සමාගම සිය වෙළෙඳපොළ තවදුරටත් පුළුල් කරමින් සිටී.

ව්‍යාපාරික සාර්ථකත්වයට අමතරව ග්‍රාමීය ප්‍රදේශවල පවුල් රැසකට ආදායම් මාර්ග සලසා දෙමින් රැකියා උත්පාදනයට සහ ප්‍රජා සංවර්ධනයට තායි සුමේධා එන්ටර්ප්‍රයිසස් සැලකිය යුතු දායකත්වයක් ලබා දී ඇත.

සම්මානය ලැබීමෙන් අනතුරුව අදහස් දැක්වූ සභාපති හා ප්‍රධාන විධායක නිලධාරී සුමේධ ඇල්පිටිය මහතා පැවසුවේ මෙම ජයග්‍රහණය සමාගමේ සේවකයන්ගේ, බෙදාහරින්නන්ගේ සහ ව්‍යාපාර හවුල්කරුවන්ගේ කැපවීමේ ප්‍රතිඵලයක් බවයි.

Related recommendation
Hiru TV News | Programmes