Business23 July 2026

බොරතෙල් මිල තවදුරටත් ඉහළට

ගෝලීය වෙළඳපොලේ බොරතෙල් මිල තවදුරටත් ඉහළ යමින් පවතින බවට තොරතුරු වාර්තා වෙනවා.

අද (23) දින වෙළඳාම ආරම්භයේදී බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 98 ඉක්මවා ගිය අතර, ඩබ්ලිව්.ටී.අයි. බොරතෙල් බැරලයක මිල ඩොලර් 90 සීමාව පසුකර තිබෙනවා.

ඊයේ (22) දින වෙළඳාම අවසන් වන විට බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක් ඩොලර් 95 ක් පමණ ද, ඩබ්ලිව්.ටී.අයි. බොරතෙල් බැරලයක් ඩොලර් 86 ක් පමණ ද අලෙවි වූ බවයි වාර්තා වෙන්නේ.
Related recommendation
Hiru TV News | Programmes