Senok සමූහයට අයත්, ශ්‍රී ලංකාවේ Changan, Deepal සහ Nevo වාහන සඳහා බලයලත් අලෙවි නියෝජිතයා වන Prime EV Automobiles (Pvt) Ltd, අනුරාධපුරයේ නව ප්රදර්ශනාගාරයක් විවෘත කරමින් සිය දිවයින පුරා අලෙවි ජාලය තවදුරටත් පුළුල් කිරීමට කටයුතු කළ අතර විශේෂයෙන් උතුරු මැද පළාත තුළ සමාගමේ අලෙවි ජාලය ශක්තිමත් කිරීමද සිදු කර ඇත.
අනුරාධපුර, කුරුන්දන්කුලම, මිහින්තලේ පාර පිහිටි Isuru Uyana Group (Pvt) Ltd පරිශ්‍රයේ පිහිටි මෙම නව ප්‍රදර්ශනාගාරය හරහා ප්‍රදේශයේ පාරිභෝගිකයන්ට නවතම Changan, Deepal සහ Nevo මාදිලි පහසුවෙන් අත්විදීමට සහ මිලදී ගැනීමට අවස්ථාව සැලසේ.
පාරිභෝගික පහසුව තවදුරටත් ඉහළ නැංවීම සඳහා Prime EV විසින් අනුරාධපුරයේ පිහිටි Senok සමූහයේ ප්‍රාදේශීය කාර්යාල පරිශ්‍රයේ විශේෂිත අලෙවියෙන් පසු සේවා මධ්‍යස්ථානයක් ද ස්ථාපිත කිරීමට නියමිතය.
එම මධ්‍යස්ථානය හරහා වාහන නඩත්තුව හා සේවා කටයුතු, ජෙනුයින් අමතර කොටස් සහ තාක්ෂණික සහාය ඇතුළු පුළුල් අලෙවියෙන් පසු සේවා රැසක් පාරිභෝගිකයන්ට ලබාගත හැකි අතර, එමඟින් Prime EV හි අලෙවියෙන් පසු සේවා පහසුකම් පාරිභෝගිකයන්ට වඩාත් සමීප වනු ඇත.
ශ්‍රී ලංකාව පුරා උසස් තත්ත්වයේ නව ඉලෙක්ට්‍රික් වාහන පාරිභෝගිකයන් වෙත වඩාත් පහසුවෙන් ලබාදීමේ Prime EV හි මෙහෙවරෙහි තවත් වැදගත් සන්ධිස්ථානයක් ලෙස මෙම ප්‍රදර්ශනාගාරය විවෘත කිරීම හැදින්විය හැකිය. මෙම අලෙවි නියෝජිත ආයතනයේ හිමිකාරීත්වය සහ මෙහෙයුම් කටයුතු සිදුකරනු ලබන්නේ අනුරාධපුර ප්‍රදේශයේ Changan, Deepal සහ Nevo වාහන සඳහා බලයලත් අලෙවි නියෝජිතයා ලෙස පත්කර ඇති රුසිරු සෙනාරත්න මහතා විසිනි.
නව ප්‍රදර්ශනාගාරය විවෘත කිරීමේ අවස්ථාවට Prime EV Automobiles (Pvt) Ltd හි කළමනාකාරීත්ව කණ්ඩායමේ සාමාජිකයන්, Senok සමූහයේ නියෝජිතයන්, මූල්‍ය සමාගම් හා රක්ෂණ හවුල්කරුවන්ගේ නියෝජිතයන්, රාජ්‍ය නිලධාරීන්, ප්‍රාදේශීය ව්‍යාපාරික ප්‍රජාවේ නියෝජිතයන්, මාධ්‍යවේදීන්,පාරිභෝගිකයන් සහ සම්භාවනීය ආරාධිතයන් රැසක් සහභාගි වූහ.
මෙම අවස්ථාවේදී අදහස් දැක්වූ Prime EV කළමනාකාරීත්වයේ සාමාජිකයන් සඳහන් කළේ, අනුරාධපුරයට සිය ව්‍යාප්තිය සිදුකිරීම මගින් බුද්ධිමත්, නවීන සහ පරිසර හිතකාමී ප්‍රවාහන විසඳුම් සඳහා පවතින ඉහළ යන ඉල්ලුම පිළිබිඹු වන බවයි.
Latest News
ඉතාලියට යමින් තිබූ සංක්‍රමණික බෝට්ටුවක් ගිලී 13 ක් අතුරුදන්
ඩෙල්ෆ්ට් දූපතේ පෝනි අශ්වයන්ට නාවික හමුදාවෙන් පානීය ජලය
අමෙරිකාවේ තීරුබදුවලට "ඩොලරයට ඩොලරයක්" සමාන බදු ගහනවා – කැනඩා අගමැති
ඩුබායිහීදි අත්අඩංගුවට ගත් බස් ලලිත් අනිද්දා දිවයිනට
මෝර මත්ස්‍ය සම්පත ආරක්ෂා කරන්න නව වැඩපිළිවෙළක්
කැනේඩියානු භාණ්ඩ සඳහා අමෙරිකාවෙන් සියයට 50ක නව තීරු බද්දක්
ලෝක අංක එකේ මේස පන්දු ශූර 11 හැවිරිදි තාවි සමරවීරගෙන් තවත් ජාත්‍යන්තර බලාපොරොත්තු රැසක්
මාස 08ට මාරක රිය අනතුරු 1,600පනී: 1,700කට වැඩි පිරිසක් මියයයි
එල්නිනෝ තත්ත්වයට මුහුණ දෙන්න ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්
ජාතියේ යශෝරාවය නන්දා මාලිනිය අද නික්ම යයි