SLT සමූහය 2025 පළමු අර්ධයේදී වාර්තා කළ රු. බිලියන 4.3ක බදු පසු ලාභයට සාපේක්ෂව 2026 පළමු අර්ධයේදී රු. බිලියන 6.6ක ඒකාබද්ධ බදු පසු ලාභයක් වාර්තා කර තිබේ. මෙය 54.4%ක වර්ධනයකි.
බ්‍රෝඩ්බෑන්ඩ් සහ ආයතනික සේවා සඳහා පැවති ඉහළ ඉල්ලුම හේතුවෙන්, රුපියලේ අගය අවප්‍රමාණය වීම සහ ඉන්ධන හා උපයෝගිතා සේවා මිල ගණන් ඉහළ යාම හේතුවෙන් ඇති වූ පිරිවැය පීඩනයේ බලපෑම අවම කර ගැනීමට සමූහයට හැකි වී ඇත.
2026 වසරේ පළමු අර්ධය තුළ සමූහයේ ආදායම රු. මිලියන 61,314ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එය 2025 පළමු අර්ධයේදී වාර්තා වූ රු. මිලියන 55,167ට සාපේක්ෂව 11.1%ක වර්ධනයකි. SLT PLC සහ Mobitel හි බ්‍රෝඩ්බෑන්ඩ් පාරිභෝගික පදනමේ කැපීපෙනෙන වර්ධනය මීට ප්‍රධාන වශයෙන් හේතු වී ඇති අතර, එමඟින් සමූහයේ EBITDA 13.7%කින් ඉහළ ගොස් රු. මිලියන 24,126ක් ලෙස වාර්තා විය.
මෙහෙයුම් ලාභය රු. මිලියන 10,165ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එය පෙර වසරේ වාර්තා වූ රු. මිලියන 7,551ට සාපේක්ෂව 34.6%ක වර්ධනයකි. වසරේ පළමු අර්ධය තුළ බදු පෙර ලාභය 51.4%කින් ඉහළ ගොස් රු. මිලියන 8,555ක් විය. සමූහයේ බදු පසු ලාභය රු. මිලියන 6,601ක් වූ අතර, එය 2025 පළමු අර්ධයේදී වාර්තා වූ රු. මිලියන 4,276ට සාපේක්ෂව 54.4%ක වර්ධනයකි.
2026 පළමු අර්ධය තුළ සමූහය ශ්‍රී ලංකා රජයට ලබාදුන් දායකත්වය රු. මිලියන 18,559ක් විය.
මෙම මූල්‍ය ප්‍රතිඵල පිළිබඳව අදහස් දක්වමින් SLT සමූහයේ සභාපති ආචාර්ය මොතිලාල් ද සිල්වා මහතා මෙසේ පැවසීය: “2026 වසරේ පළමු අර්ධය SLT-MOBITEL හි ගමන්මඟේ තීරණාත්මක සන්ධිස්ථානයක් සනිටුහන් කරනවා.”
SLT PLC හි ආදායම 2025 පළමු අර්ධයේ වාර්තා කළ රු. මිලියන 35,513ට සාපේක්ෂව 2026 පළමු අර්ධයේදී 10.7%කින් ඉහළ ගොස් රු. මිලියන 39,309ක් ලෙස වාර්තා විය. මෙහිදී බ්‍රෝඩ්බෑන්ඩ් සේවා නැවත වරක් කැපීපෙනෙන කාර්යසාධනයක් පෙන්නුම් කර තිබේ. ඊට සමගාමීව EBITDA ද 11.3%කින් ඉහළ ගොස් රු. මිලියන 14,854ක් ලෙස වාර්තා විය.
ලාභදායීත්වයේ වර්ධනයද කැපීපෙනෙන මට්ටමක පැවති අතර, මෙහෙයුම් ලාභය 39.8%කින් වර්ධනය වී රු. මිලියන 6,663ක් ලෙස වාර්තා විය. බදු පෙර ලාභය 66.5%කින් ඉහළ ගොස් රු. මිලියන 6,127ක් වූ අතර, බදු පසු ලාභය 2025 පළමු අර්ධයේ වාර්තා කළ රු. මිලියන 2,647ට සාපේක්ෂව 74.9%කින් ඉහළ ගොස් රු. මිලියන 4,630ක් විය.
SLT-MOBITEL හි ප්‍රධාන විධායක නිලධාරී රියාස් රෂීඩ් මහතා මෙසේ අදහස් දැක්වීය: “2026 වසරේ පළමු අර්ධයේ අපගේ කාර්යසාධනයට බ්‍රෝඩ්බෑන්ඩ් සේවා සඳහා පැවති ඉහළ ඉල්ලුම, Enterprise සහ Carrier කාණ්ඩවල ව්‍යාපාරවලින් ලැබුණු ශක්තිමත් දායකත්වය සහ Mobitel සමාගමේ අඛණ්ඩ වර්ධනය ප්‍රධාන වශයෙන් බලපා තිබෙනවා.”
2026 පළමු අර්ධයේදී Mobitel හි ආදායම 12.9%කින් ඉහළ ගොස් රු. මිලියන 26,340ක් ලෙස වාර්තා වූ අතර, එය පෙර වසරට සාපේක්ෂව රු. මිලියන 3,007ක වර්ධනයකි.
Mobitel හි EBITDA 16.9%කින් ඉහළ ගොස් රු. මිලියන 8,739ක් වූ අතර, මෙහෙයුම් ලාභය 30.3%කින් ඉහළ ගොස් රු. මිලියන 2,595ක් ලෙස වාර්තා විය. බදු පෙර ලාභය 60.5%කින් වර්ධනය වී රු. මිලියන 2,086ක් ලෙස වාර්තා වූ අතර, බදු පසු ලාභය 62%කින් වර්ධනය වී රු. මිලියන 1,724ක් විය.
2025 දෙසැම්බර් මාසයේදී ලබාගත් 5G බලපත්‍ර ගාස්තු ඇතුළු ජාල පිරිවැය මෙන්ම ව්‍යාපාරයේ අනෙකුත් අංශ සම්බන්ධයෙන් දැරූ වියදම් හේතුවෙන් මෙහෙයුම් පිරිවැය 11.0%කින් ඉහළ ගියේය.
Latest News
ඉන්දියාවේදී කාලිංග කුමාරගේ ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක් දිනා දෙයි
යාපනයේ ගිනිකෙළි සංවිධානය කළ සමාගමේ හිමිකරු රිමාන්ඩ්
ඉන්දියාවේදී සුමේද රණසිංහගෙන් හෙල්ල විසි කිරීමෙන් ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක්
රැඳවුම් නියෝග දිගු කරන්න එපා : සලේගේ බිරිඳගෙන් ජනපතිට යළි ලිපියක්
වතුකරයේ පෝෂණය ඉහළ නංවන්න මාවුස්සාකැලේට මත්ස්‍ය පැටවුන් 66,000 ක්
ඉන්දියාවේදී දිල්හානි ලේකම්ගේ හෙල්ල විසිකිරීමෙන් ශ්‍රී ලංකාවට රිදී පදක්කමක් දිනා දෙයි
ගල්පරයක සිරවුණු මළ සිරුරක් වෙන්නප්පුව මුහුදේ: ඩෝරා අනතුරින් අතුරුදන් නාවිකයා දැයි සොයා විමර්ශනයක්
ගම්පහ දිස්ත්‍රික්කයේ මුස්ලිම් දේවස්ථාන සංවර්ධනයට රුපියල් මිලියන 10 ක රාජ්‍ය ප්‍රතිපාදන
ඉන්දියාවේදී ශානිකා කහවලගෙන් මීටර් 1500 ධාවන ඉසව්වෙන් ලෝකඩ පදක්කමක්
ඉම්රාන් ඛාන්ට බන්ධනාගාරය තුළ වධහිංසා පමුණුවන බවට සහෝදරියගෙන් චෝදනා