ලොව දෙවන විශාලතම ආර්ථිකය හිමි චීනය පවා මේ වන විට දුෂ්කර ආර්ථික පරිවර්තනයකට මුහුණ දෙමින් සිටින බව එරටින් වාර්තා වන නවතම ආර්ථික දත්ත මගින් පෙන්නුම් කරනවා.
2026 වසරේ දෙවන කාර්තුව තුළ චීන ආර්ථිකයේ වර්ධනය සියයට 4.3 ක් දක්වා මන්දගාමී වී තිබෙනවා.
මෙය පළමු කාර්තුවේ පැවැති සියයට 5 ක වර්ධනයට මෙන්ම, ආර්ථික විද්‍යාඥයින් අපේක්ෂා කළ සියයට 4.5 ක මට්ටමට ද වඩා අඩු අගයක්.
වසර තුනකට වැඩි කාලයක් තුළ චීනයෙන් වාර්තා වූ මන්දගාමී ම කාර්තුමය වර්ධනය මෙය වන අතර, බීජිං පාලනය මේ සඳහා තබා තිබූ සියයට 4.5 ත් 5 ත් අතර වර්ධන ඉලක්කයේ පහළ සීමාවට පවා ළඟා වීමට මෙය අපොහොසත් වී තිබෙනවා.
මෙම සංඛ්‍යාලේඛන සැලකිලිමත් විය යුතු තත්ත්වයක් පෙන්නුම් කළද, එය ආර්ථිකයේ බිඳවැටීමක් ලෙස අර්ථ දැක්විය නොහැකි අතර ඒ වෙනුවට එයින් ගම්‍ය වන්නේ වඩාත් ගැඹුරු අභියෝගයක්.
එනම්, මීට පෙර චීනයේ අසාමාන්‍ය ආර්ථික වර්ධනයට ශක්තියක් වූ ප්‍රධාන සාධකයන්ගේ වේගය අඩාල වන විට, රටේ ඉදිරි වර්ධනය පවත්වා ගන්නේ කෙසේද යන්නයි.
චීන ආර්ථිකයේ අඩපණ වීමට ප්‍රධානතම හේතුවක් වී ඇත්තේ එරට දේපළ වෙළඳපොළ ක්ෂේත්රයේ පවතින පසුබැසීමයි.
වසර ගණනාවක් පුරා සිදු වූ සීඝ්‍ර ඉදිකිරීම් සහ ආයෝජන මගින් විශාල ආර්ථික ප්රබෝධයක් ඇති කළද, දැනට පවතින දීර්ඝකාලීන දේපළ වෙළඳපොළ පසුබැසීම හේතුවෙන් ආයෝජන, පාරිභෝගික විශ්වාසය සහ ගෘහස්ථ වත්කම්වල අගය සැලකිය යුතු ලෙස පහත වැටී තිබෙනවා.
2026 වසරේ පළමු අර්ධය තුළ ස්ථාවර වත්කම් ආයෝජන සියයට 5.7 කින් පහත වැටී ඇති අතර, දේපළ වෙළඳාම් ක්ෂේත්රයේ ආයෝජන සියයට 18 කින් පහත වැටී ඇති බව සඳහන්.
තෙවන කාර්තුව ආරම්භයේදී ද මෙම මන්දගාමී බව තවදුරටත් දක්නට ලැබෙනවා.
ජූනි මාසයේදී සියයට 5.3 ක් වූ කාර්මික නිමැවුම් වර්ධනය ජූලි මාසයේදී සියයට 4.5 දක්වා පහත වැටී ඇති අතර, සිල්ලර වෙළඳාමේ වර්ධනය සටහන් වූයේ සියයට 0.6 ක් ලෙස පමණයි.
මීට අමතරව, වසරේ මුල් මාස හත තුළ ස්ථාවර වත්කම් ආයෝජන සියයට 6.7 කින් පහත වැටී තිබෙනවා.

Latest News
බංග්ලාදේශය පරදා ශ්‍රී ලංකා කාන්තාවන් ආසියානු කුසලානයේ අවසන් පූර්ව වටයට
Local
06 September 2026
ඩෝරා අනතුරින් දිවි අහිමි වූ ලුතිනන් තිළිණට නාවික හමුදාපතිගෙන් අවසන් ගෞරව
Local
06 September 2026
තුන්වන පාසල් වාරයේ දෙවැනි අදියර හෙටින් ඇරඹෙයි
Local
06 September 2026
නවදිල්ලියේ ගොඩනැගිල්ලක් කඩාවැටී අයෙක් මරුට: 50ක් සොයා මෙහෙයුම්
Local
06 September 2026
රාජ්‍ය ගනුදෙනු ඩිජිටල්කරණයට - ලබන වසරේ සිට 80% ක් ගෙදර සිටම කරගත හැකියි : ජනපති බේරුවලදී කියයි
Local
06 September 2026
සේරුවිල ශ්‍රී ලලාට ධාතු 103 වන මහ පෙරහර වීථි සංචාරය කරයි
Local
06 September 2026
20ට අවශ්‍ය වූ ජනමත විචාරණය 22ට අකැප ඇයි? – සජිත් ජනපතිගෙන් ප්‍රශ්න කරයි
Local
06 September 2026
මාදම්පේ පොල් ලී ආශ්රිත නිෂ්පාදන කර්මාන්ත ශාලාවක හදිසි ගින්නක්
Local
06 September 2026
Lanka Chairman's Business Excellence Awards 2026 සම්මාන උළෙලේ 'හිරු' සම්මානයෙන් පිදුම් ලබයි
Local
06 September 2026
වාලම්පුරි බෙල්ලන් ජාවාරම් කළ සැකකරුවන්ට දඩ
Local
06 September 2026