එක්සත් ජාතික පක්ෂයේ ගාල්ල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ගයන්ත කරුණාතිලක මේ දිනවල විශේෂයෙන් කතාබහට ලක්වන්නේ පසුගිය දා පැවැති එම පක්ෂයේ ගාලූ දිස්ත‍්‍රික් බල මණ්ඩල රැස්වීමට සහභාගි නොවීම හේතුවෙන්. රැස්වීම පිළිබද දැනුවත් කළ ද ඔහු නොපැමිණි බව පසුගිය සතියේ හාර්ඞ් ටෝක් තුළින් ප‍්‍රශ්න කිරීමට ලක්වූ එක්සත් ජාතික පක්ෂයේ ගාල්ල දිස්ත‍්‍රික් නායක වජිර අබේවර්ධන ප‍්‍රකාශ කළා. මේ අතර, එකල එක්සත් ජාතික පක්ෂයේ ප‍්‍රබලයෙකු වූ රූපා කරුණාතිලකගේ පුත් සංජීව කරුණාතිලක ද මෙවර දකුණු පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වන්නේ එම පවුලේම ඥාතියෙකු වන ගයන්තගේ අනුදැමකින් තොරවයි.   

අද හාර්ඞ් ටෝක් තුළින් ඍජුවම ප‍්‍රශ්න කිරීමට ලක් වන්නේ එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය ප‍්‍රකාශක පාර්ලිමේන්තු මන්ත‍්‍රී ගයන්ත කරුණාතිලකයි.

[MP3]s76503[/MP3]