ඇතැම් විට මෙරට ආණ්ඩු පිහිටුවීමේ දී තීරණාත්මක බලවේගයක් වූ ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසය දැන් සන්ධාන ආණ්ඩුවේ හවුල්කාර පක්ෂයක්. මේ දිනවල මුස්ලිම් කොංග‍්‍රසය පිළිබදව දේශපාලන සමාජයේ යළි දැඩි කතාබහක් ඇති වී තිබෙනවා. ඒ, පසුගිය අමාත්‍ය මණ්ඩල රැස්වීමකදී ජනාධිපතිවරයා එම පක්ෂයේ නායක රවුෆ් හකීම්ට කළ දැනුම් දීමක් හේතුවෙන්. අනතුරුව රවුෆ් හකීම් අමාත්‍යවරයා විවිධ ස්ථානවලදී කළ ඇතැම් ප‍්‍රකාශ ද විවාදයට තුඩු දුන්නා. මෙම තත්ත්වය මත මුස්ලිම් කොංග‍්‍රසයේ තීරණය කෙබඳු වේද ? අද හාඞ් ටෝක් තුළින් මේ පිළිබදව ඍජුවම ප‍්‍රශ්න කළේ ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසයේ භාණ්ඩාගාරික පාර්ලිමේන්තු මන්ත‍්‍රී අස්ලම් මොහොමඞ් සලීම්ගෙන්.

[MP3]s79314[/MP3]