ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨතම සාමාජිකයෙකු වූ හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වාගේ නම මීට පෙර අගමැති අපේක්ෂක ලැයිස්තුවේ ඉහළින්ම පැවතුණා. මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ සභානායකවරයා වූ ඔහු වත්මන් පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයායි. රටේ වත්මන් තත්ත්වය තුළ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු විපක්ෂයේ දේශපාලන ගමන කෙසේ වේද? අද හාඩ් ටෝක් තුළින් ඍජුවම ප‍්‍රශ්න කළේ විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වාගෙන්.