මෑත කාලයේ වැඩියෙන්ම කතාබහට ලක්වන පළාත් ප්‍රධාන අමාත්‍යවරයා වන්නේ ප්‍රසන්න රණතුංගයි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පරාජයවීමෙන් අනතුරුව ඔහු වෙනුවෙන් පෙනී සිටින නිදහස් පක්ෂයේ දේශපාලනඥයින් අතරින් ඔහු ප්‍රමුඛයෙකු වීම ඊට හේතුව වනවා. විශේෂයෙන් හිටපු ජනාධිපතිවරයා නිදහස් සන්ධානයේ අගමැති අපේක්ෂකයා කළ යුතු බවට පැවති නුගේගොඩ පළමු රැස්වීමටද ගොඩ වූ එකම මහ ඇමතිවරයාද වන්නේ ප්‍රසන්න රණතුංගයි. ඔහුගේ ඉදිරි දේශපාලන තීන්දුව කුමක් වේද ? බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංගයි අද හාඩ් ටෝක් තුළින් ඍජුවම ප්‍රශ්න කෙරෙන්නේ.