General01 September 2026

නීතිවිරෝධී චීන දුම්වැටි තොගයක් රේගු අත්අඩංගුවට

චීනයේ නිෂ්පාදිත රුපියල් මිලියන 30කට අධික වටිනා දුම්වැටි 200,000කට අධික ප්‍රමාණයක් රේගුව විසින් අඩංගුවට ගෙන තිබෙනවා.

චීනයේ සිට ආනයනය කළ බහාලුමක් තුළ සඟවා තිබියදීයි මෙම දුම්වැටි තොගය අඩංගුවට ගෙන ඇත්තේ.

එම දුම්වැටි තොගය වානේ දොරවල් ලෙස හැගෙන පරිදි සූක්ෂම ලෙස සඟවාගෙන පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

රේගු ආදායම් අධීක්ෂණ බලකායේ ප්‍රධාන කාර්යාලයේ රේගු නිලධාරින් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන රේගු ආදායම් අධීක්ෂණ බලකා ප්‍රධාන කාර්යාලයේ රේගු නිලධාරින් විසින් සිදුකරනවා.
Related recommendation
Hiru TV News | Programmes