පසුගිය ජනාධිපතිවරණයේදී ජාතික හෙළ උරුමය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට සහය පළ කරද්දී, එහි නියෝජ්‍ය මහ ලේකම්වරයාව සිටි බස්නාහිර පළාත් සභා මන්ත්‍රී උදය ගම්මන්පිල කටයුතු කළේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ දිනවීමටයි. එහෙත් හිටපු ජනාධිපතිවරයාගේ පරාජයෙන් පසු ඔහු අද වනවිට පිවිතුරු හෙළ උරුමය නමින් පක්ෂයක් පිහිටුවා ගෙන එහි නායකයා ලෙස කටයුතු කරනවා. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මීළඟ මහ මැතිවරණයේදී නිදහස් සන්ධානයේ අගමැති අපේක්ෂකයා කළ යුතු බවට පවසන කණ්ඩායමේ ප්‍රබලයෙකුද වන උදය ගම්මන්පිලයි හාර්ඞ් ටෝක් තුළින් අද සෘජුවම ප්‍රශ්න කිරීමට ලක්වන්නේ.