හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ, අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් නිකුත් කර තිබූ වරෙන්තුවක් නැවත කැඳවන ලෙස ඔහුගේ නීතිඥවරුන් කළ ඉල්ලීම මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් චතුරංග එරංග දිසානායක විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.
ඒ අනුව අදාළ වරෙන්තුව ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කිරීමටයි මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ.
මාතර, එළියකන්ද පාරේ බ්‍රවුන්ස්හිල් ලිපිනයේ පිහිටි අක්කර එකහමාරක ඉඩමක් මිලදී ගැනීම සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් බැසිල් රාජපක්ෂට එරෙහිව මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් පවරා තිබූ අතර, පසුගිය මැයි මස 22 වන දින පැවැති නඩු වාරයට ඔහු පෙනී නොසිටීම හේතුවෙන් අධිකරණය විසින් මෙම වරෙන්තුව නිකුත් කර තිබුණා.
එදින බැසිල් රාජපක්ෂ, වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ අනිල් ද සිල්වා වෛද්‍ය වාර්තා ඉදිරිපත් කරමින් ප්‍රකාශ කර තිබුණේ, තම සේවාදායකයා අසනීප තත්ත්වයෙන් විදෙස්ගතව ප්‍රතිකාර ලබන බැවින් අධිකරණයට පැමිණීමට නොහැකි වූ බවයි.
අද දින බැසිල් රාජපක්ෂගේ නීතිඥවරුන් විසින් අධිකරණයට මෝසමක් ගොනු කරමින්, සැකකරුගේ සෞඛ්‍ය තත්ත්වය සැලකිල්ලට ගෙන අදාළ වරෙන්තුව නැවත කැඳවන ලෙස ඉල්ලා ඇති අතර, , ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත් චතුරංග එරංග දිසානායක සඳහන් කර ඇත්තේ, සැකකරු දිගින් දිගටම අධිකරණය මග හරිමින් සිටින බවයි.
එමෙන්ම, සැකකාර බැසිල් රාජපක්ෂ අධිකරණයට ඉදිරිපත් නොවී, ඔහු නොමැතිව වරෙන්තුව නැවත කැඳවීමට හැකියාවක් නොමැති බවයි.
ඒ අනුව, වරෙන්තුව නැවත කැඳවීමේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත්වරයා, බැසිල් රාජපක්ෂට එරෙහිව නිකුත් කර ඇති වරෙන්තුව ඒ අයුරින්ම ක්‍රියාත්මක කිරීමට නියෝග කර තිබෙනවා.

Latest News
රන් ආලේපිත ගිනිඅවියට දුමින්ද දිසානායක යළි සැකකරුවෙක් කෙරේ; අධිකරණයේ පෙනී සිටින්නැයි නොතීසි
Local
19 June 2026
බැසිල්ට නිකුත් කළ වරෙන්තුව නැවත කැඳවීමේ ඉල්ලීම මාතර මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කරයි
Local
19 June 2026
රේගුවට කොළ එපා වෙයි
Local
19 June 2026
වසර 35ක ජනාධිපති නිල සේවය නිමා කරමින් අමෙරිකානු 'එයාර් ෆෝස් වන්' බෝයිං 747 ගුවන් යානය විශ්‍රාම ගනියි
Local
19 June 2026
අමෙරිකාව සහ කටාර් රාජ්‍යය ඉරාන සහාය ඇතිව කළ සාකච්ඡාවකට අනුව සටන් විරාමයකට ඊශ්‍රායලය සහ ලෙබනනයේ ත්‍රස්ත සංවිධානයක් එකඟ වෙයි
Local
19 June 2026
2026 පාසල් රග්බි ලීගය - තර්ස්ටන් විද්‍යාලය පරදා ශාන්ත ජෝසප් විද්‍යාලයට ජය
Local
19 June 2026
2026 පාසල් රග්බි ලීගය - ශ්‍රී සුමංගල විද්‍යාලය පරදා ශාන්ත තෝමස් විද්‍යාලයට දැවැන්ත ජයක්
Local
19 June 2026
ICC සභාපති ජනපති හමු වෙයි
Local
19 June 2026
ඇල්පිටියේ තේ කර්මාන්ත ශාලාවක ගින්නක්
Local
19 June 2026
චීන විදේශ ඇමති ඉන්දියාවට
Local
19 June 2026