ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක සෝමවංශ අමරසිංහ එම පක්ෂයෙන් ඉවත් වීම මෑතකාලීන දේශපාලන කරළියේ ඇති කළේ දැඩි කතාබහක්. ඉවත්වීමට හේතුව පක්ෂයේ වත්මන් ක්‍රියාකාරීත්වය බවට හිටපු නායක සෝමවංශ අමරසිංහ පැහැදිලි කළත්, ජනතා විමුක්ති පෙරමුණ පවසන්නේ හිටපු නායකයාගේ ඉවත්වීම තවමත් අපැහැදිලි බවයි. ජයග්‍රහණයේදී මෙන්ම පරාජයේදීත් පක්ෂයක මතය සමාජගත කිරීමට එම පක්ෂයේ ප්‍රචාරක ලේකම්වරයාට පවතින්නේ සුවිශේෂී කාර්ය භාරයක්. පක්ෂය මුහුණ දී ඇති වත්මන් අභියෝග හමුවේ ජනතා විමුක්ති පෙරමුණේ ඉදිරි ගමන කෙබඳු වේද ? අද හාඩ්ටෝක් තුළින් ඍජුවම ප්‍රශ්න කෙරෙන්නේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්.



[MP3]s108322[/MP3]