එක්සත් ජාතික පක්ෂය සහ රජය වෙනුවෙන් දැඩි ලෙස පෙනී සිටින දේශපාලන චරිතයක් ලෙස මෑතකාලීනව නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා කැපී පෙනෙනවා. වෘත්තීයෙන් නීතිඥයෙකු වන ඔහු නීතිමය පසුබිමක් ඔස්සේ අදහස් දැක්වීමද ඊට හේතුවක්. 19 වන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ රජයේ අදහස් සමාජගත කිරීමටද ඔහු සැලකිය යුතු මෙහෙයක් ඉටු කළා. කාලීනව උද්ගතව ඇති දේශපාලන තත්ත්වයන් පිළිබඳව අද හාඞ් ටෝක් විශේෂාංගය තුළින් ඍජුවම ප්‍රශ්න කෙරෙන්නේ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී, විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරාගෙන්.