ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායකයා ලෙස කටයුතු කළ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී මනෝ ගනේෂන් මේ වනවිට පක්ෂ 03 ක් එක්ව පිහිටුවා ගත් දෙමළ ප්‍රගතිශීලි සන්ධානයේද නායකයායී. පසුගිය ජනාධිපතිවරණයේදී වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ජයග්‍රහණය වෙනුවෙන් පෙනී සිට ජාතික විධායක සභාවද නියෝජනය කළ ඔහු පසුගියදා ගැසට් කළ විසිවන සංශෝධනයට දැඩිව විරෝධය පළ කළා. ඒ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ඇතුළු අනෙකුත් සුළු පක්ෂ සමඟද එක්වෙමින්. ඔහුගේ වර්තමාන දේශපාලන ගමන් මඟ කුමක්ද ? අද හාඞ්ටෝක් තුළින් ඍජුවම ප්‍රශ්න කෙරෙන්නේ දෙමළ ප්‍රගතිශීලි සන්ධානයේ නායක මනෝ ගනේෂන්.