පසුගිය මහ මැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණ ලැබූ ප‍්‍රතිඵලය පිළිබඳව එම පෙරමුණේ කි‍්‍රයාකාරීන් තුළින්ම නැගෙන්නේ අසතුටක්. මැතිවරණයට පෙර මෙන්ම ඉන් පසුවත් ජනතා විමුක්ති පෙරමුණ පිළිබඳව පවතින කතාබහ අවසන් වී නැහැ. ඒ, මැතිවරණයෙන් පරාජයට පත්වු සුනිල් හඳුන්නෙත්ති මන්තී‍්‍රවරයා ජාතික ලැයිස්තුවෙන් නැවත පාර්ලිමේන්තුවට ගෙන ඒමත්, මැතිවරණ ප‍්‍රතිඵල නිකුත් වූ පසු තමන් බස්නාහිර පළාත් මන්තී‍්‍ර ධුරයෙන් ඉල්ලා අස් වූ බව කේ.ඩී.ලාල්කාන්ත මන්තී‍්‍රවරයා ප‍්‍රකාශ කිරීමත් හේතුවෙන්. ඒ සම්බන්ධයෙන් සහ ජනතා විමුක්ති පෙරමුණේ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව හාඞ්ටෝක් තුළින් ඍජුවම ප‍්‍රශ්න කිරීමට ලක්වන්නේ එම පෙරමුණේ හිටපු පළාත් සභා මන්තී‍්‍ර කේ.ඩී.ලාල්කාන්තයි.