උපකාරක පන්ති ගුරුවරයෙකු වූ බන්දුල ගුණවර්ධන, මුලින්ම මහජන එක්සත් පෙරමුණෙන් පාර්ලිමේන්තුවට පිවිසියත් අද නියෝජනය කරන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානයයි. වරක් එක්සත් ජාතික පක්ෂයේ මන්තී‍්‍රවරයෙකුද වූ ඔහු වෙළඳ, අධ්‍යාපන අමාත්‍ය ධුරවල මෙන්ම මුදල් නියෝජ්‍ය අමාත්‍යවරයෙකු ලෙසත් කටයුතු කළා. බන්දුල ගුණවර්ධන මන්තී‍්‍රවරයා, මුදල් අමාත්‍ය රවී කරුණානායකගේ නම, කරුණානායක රවීන්ද්‍ර සන්ද්‍රේෂ් ගනේෂන් එම් ලෙස ප‍්‍රකාශ කිරීම හේතුවෙන් පසුගියදා පාර්ලිමේන්තුවේ ඇතිවුණේ ද උණුසුම් තත්ත්වයක්. අද හාඞ්ටෝක් තුළින් ඍජුවම ප‍්‍රශ්න කිරීමට ලක්වන්නේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර බන්දුල ගුණවර්ධනයි.