Sports01 August 2026

ශ්‍රී ලංකා පාපන්දු සභාපති ජස්වර් උමාර් දකුණු ආසියානු පාපන්දු සම්මේලනයේ උප සභාපති තනතුරට

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ (FFSL) සභාපති ජස්වර් උමාර් දකුණු ආසියානු පාපන්දු සම්මේලනයේ (SAFF) උප සභාපතිවරයා ලෙස ඒකමතිකව තේරී පත්වී තිබෙනවා.

භූතානයේ පැවති SAFF විධායක කමිටු රැස්වීමේදී මෙම පත් කිරීම සිදුකර තිබෙනවා.

මෙම නිල තේරී පත්වීමේදී දකුණු ආසියානු පාපන්දු ක්ෂේත්‍රයේ ප්‍රබලයින් වන ඉන්දියාව, පාකිස්තානය, නේපාලය, භූතානය, මාලදිවයින, බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව යන සාමාජික රටවල් හතම ඒකමතිකව ජස්වර් උමාර් වෙත පූර්ණ සහයෝගය පළ කර තිබෙනවා.
Related Recomands
Hiru TV News | Programmes