Sports22 August 2026

ඉන්දියාවේදී සුමේද රණසිංහගෙන් හෙල්ල විසි කිරීමෙන් ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක්

ඉන්දියාවේ පැවැත්වෙන 2026 'ලෝක මලල ක්‍රීඩා රිදී මට්ටමේ මහද්වීපික තරගාවලියේ' (World Athletics Silver Level Continental Tour 2026) පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් ලෝකඩ පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකාවේ සුමේද රණසිංහ සමත් වුණා.

එහිදී ඔහු මීටර් 80.29 ක දුරක් හෙල්ල විසිකරමින් මෙම ජයග්‍රහණය හිමිකර ගත්තා.

එමෙන්ම, කාන්තා හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් රිදී පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකාවේ දිල්හානි ලේකම්ගේ සමත් වුණා.

එහිදී ඇය මීටර් 58.98 ක දුරක් හෙල්ල විසිකර මෙම ජයග්‍රහණය හිමිකර ගත්තා.
Related Recomands
Hiru TV News | Programmes