Sports25 August 2026

ඉන්දියාවට එරෙහි දෙවැනි ටෙස්ට් තරගයේදී නීති කඩකළ ප්‍රභාත් ජයසූරියට ICCයෙන් අවවාද

විනය විරෝධී හැසිරීම හේතුවෙන් ශ්‍රි ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරියට තරයේ අවවාද කළ බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කරනවා.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය අතරතුර වූ සිදුවීමකට අදාළව, මෙම අවවාද කිරීම සිදුකර අසාදු ලකුණක් එක්කර තිබෙනවා.

තරගයේ දෙවැනි දිනයේ ක්‍රීඩාව නිමා වීමට ආසන්නව තිබියදී ප්‍රභාත් ජයසූරිය දැවී ගිය අතර, ක්‍රීඩක විවේකාගාරය වෙත යන අතරතුර තම පිත්තෙන් සීමා මායිම් ආවරණ (Boundary wedges) වෙත පහර දීම හේතුවෙන් මෙසේ තරග නීති උල්ලංඝනය සිදුව තිබෙනවා.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ හැසිරීම් පද්ධතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් වන චෝදනාව ප්‍රභාත් ජයසූරිය විසින් පිළිගෙන තිබුණා.
Related Recomands
Hiru TV News | Programmes