Sports26 August 2026

සොනාල් දිනූෂගෙන් වාර්තාගත ටෙස්ට් පිතිහරඹයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ යොවුන් තුන් ඉරියව් ක්‍රීඩක සොනාල් දිනූෂ ඉන්දියාවට එරෙහි දෙවැනි ටෙස්ට් තරගයේදී තවත් විශිෂ්ට ශතකයක් වාර්තා කරමින් ඉතිහාසගත දස්කමක් සිදුකර තිබෙනවා.

කොළඹ SSC ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගයේදී සොනාල් දිනූෂ පන්දු 162කදී ලකුණු 103ක් රැස් කළේ හතරේ පහර 8ක් සහ හයේ පහර 3ක් සමඟින්.

මෙය ඉන්දියාවට එරෙහි ඔහුගේ පළමු ටෙස්ට් ඉනිම් තුනේදී වාර්තා කළ 100, 84 සහ 103 යන අඛණ්ඩ විශිෂ්ට ඉනිම් මාලාවේ තෙවැනි දැවැන්ත දස්කමයි.

මෙහි විශේෂත්වය වන්නේ, ඉන්දියාවට එරෙහි සිය පළමු ටෙස්ට් ඉනිම් තුනේදී අර්ධ ශතක හෝ ඊට වැඩි ඉනිම් දියත් කළ ටෙස්ට් ඉතිහාසයේ තුන්වැනි පිතිකරුවා බවට දිනූෂ පත්වීමයි.

ඔහුට පෙර එම දස්කම සිදුකර තිබුණේ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක Everton Weekes (1948) සහ පාකිස්තානයේ Zaheer Abbas (1978) පමණයි.

ඊට අමතරව ශ්‍රී ලංකා ටෙස්‍ට් ක්‍රිකට් ඉතිහාසය තුළ අංක 6 හෝ ඊට පහළ ස්ථානයක ක්‍රීඩා කර ඉන්දියාවට එරෙහිව ශතක 2 වාර්තා කළ එකම පිතිකරුවා බවටදසොනාල් දිනූෂට හැකි වී තිබීමද විශේෂත්වයක්.
Related Recomands
Hiru TV News | Programmes