Sports28 August 2026

දෙවන හොඳම දුර වාර්තා කිරීමට හැකි වීම ගැන සතුටට පත් වන බව රුමේෂ් තරංග කියයි

මෙම වසරේ දෙවන හොඳම දුර වාර්තා කිරීමට හැකි වීම පිළිබඳව සතුටට පත් වන බව හෙල්ල විසි කිරීමේ ශූර රුමේෂ් තරංග ප්‍රකාශ කළා.

ස්ව්ට්සර්ලන්තයේ - සූරිච් හී ඊයේ (27) පැවති ඩයමන් ලීග් මලල ක්‍රිඩා තරගාවලියෙන් පසුව මාධ්‍ය අමතමින් ඔහු කියා සිටියේ, ඉදිරි තරගවලිදී තවදුරටත් දක්ෂතා දැක්වීම තම අරමුණ බවයි.

ඊයේ පැවති තරගයේදී මීටර 92.07ක දක්ෂතාවයක් දක්වමින් හෙල්ල විසිකිරිමේ ඉසව්වේ පලමු ස්ථානය දිනා ගැනීමට රුමේෂ් තරංග සමත් වුණා.
Related Recomands
Hiru TV News | Programmes