ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන සහ ඔහුගේ බිරිඳ ප්‍රියංකා නියෝමාලි අපරාධ පරීක්ෂ දෙපාර්තමේන්තුවට භාර වීමෙන් පසුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මොවුන් දෙදෙනා අද පෙරවරුවේ නීතිඥයන් මාර්ගයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර වූ අතර පසුව ප්‍රකාශ ලබා ගැනීමෙන් අනතුරුව අත්අඩංගුවට ගැනීම සිදුකළ බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ.
මොවුන් දෙදෙනා අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට ද නියමිතයි.
ශ්‍රී ලන්කන් ගුවන් සමාගම සඳහා එයාර් බස් සමාගමෙන් ගුවන් යානා 10ක් මිලදී ගැනීමේදී ඇමරිකානු ඩොලර් මිලියන 20ක අල්ලසක් ලබා ගෙන මුදල් විශුද්ධිකරණය කළ බවට පැවසෙන සිද්ධියක් සම්බන්ධයෙන් මොවුන්ව අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක වරෙන්තු නිකුත් කර තිබුණේ පසුගිය සඳුදායි.
ශ්‍රී ලංකන් ගුවන් සේවය ගුවන් යානා නිෂ්පාදනයේ නිරත එයාර් බස් ඉන්ඩස්ට්‍රීස් සමාගම සමඟ කළ ගණුදෙනුවේදී ඇතැම් පුද්ගලයින් කළ බව කියන මූල්‍ය වංචා පිළිබඳ තොරතුරු බ්‍රිතාන්‍යයේ‘‘ද ටෙලිග්‍රාෆ් පුවත්පත’’ වාර්තා කර තිබූ බව හිරු ප්‍රවෘත්ති ඔස්සේ මීට පෙර අනාවරණ කළා.
ගුවන් යානා 14 ක් ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අලෙවි කරගැනීමේ අරමුණින් ගුවන් යානා පිළිබඳ කිසිදු අත්දැකීමක් නොමැති ශ්‍රීලංකන් ගුවන් සේවයේ හිටපු විධායක නිලධාරියෙකුගේ බිරිඳට ඇමරිකානු ඩොලර් මිලියන 17 ක අල්ලස් මුදලක් ලබාදීමට එකඟ කරවාගෙන ඇති බව එම වාර්තාවල දැක්වුනා.
ඒ අනුවයි පූර්ණ විමර්ශනයක් සිදුකරන ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලධාරීන්ට නියෝග කළේ.
ඒ, සම්බන්ධයෙන් විමර්ශණ සිදුකල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත් අධීකරණය වෙත යොමුකර ඇති වාර්තාවේ දැක්වෙන පරිදි ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍රසේනගේ බිරිදගේ නමින් ලියාපදිංචි වු සමාගමකට එයාර් බස් සමාගම ඇමරිකානු ඩොලර් මිලියන දෙකකට සමාන මුදල් ප්‍රමාණයක් එවා තිබු බව හෙළිවී තිබෙනවා.
බිස් සොලියුෂන්ස් නැමති එම සමාගම සිංගප්පූරුවේ බැංකුවක පවත්වාගෙන ගිය ගිණුම් තුනකට යුරෝ ලක්ෂය බැගින් දෙවරක්ද, නැවතත් ඕස්ට්‍රේලියානු ඩොලර් දෙලක්ෂයක් සහ යුරෝ දෙලක්ෂයක් එවා ඇති බවයි අනාවරණය වී ඇත්තේ.
එමෙන්ම ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරියා සහ ඔහුගේ බිරිඳගේ ජාතික හැඳුනුම්පත් අංකවලින් ආරම්භ කර ඇති බැංකු ගිණුම් පිළිබඳ විස්තර ලබාගෙන පරීක්ෂණ සිදුකරන බවද පසුගිය 3 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම්දී තිබුණා.
එමෙන්ම බිස් සොලියුෂන් නැමති සමාගම පවත්වාගෙන ගිය මුල් ගිණුමේ මුදල් ඕස්ට්‍රේලියානු කොමන්වෙල්ත් බැංකුවේ පවත්වාගෙන ගිය ගිණුමකට මාරුකිරීමෙන් පසු වසා දමා ඇති බවද විමර්ශනවලදී අනාවරණ වුණා.
ඒ අනුවයි මෙම සිද්ධියට අදාළව ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන සහ ඔහුගේ බිරිඳ වන ප්‍රියංකා නියෝමාලි විජේනායක අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය පසුගිය 3 වනදා වරෙන්තුවක් නිකුත් කළේ. පසුව මෙම ගනුදෙනුවට අදාළව විමර්ශන වාර්තා පිටපත් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම වෙත යොමු කරන ලෙසටද නීතිපති දප්පුල ද ලිවේරා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට උපදෙස් ලබාදී තිබුණා.
මේ අතර මෙම සිද්ධිය හෙට දිනයේ ප්‍රකාශයක් සිදු කරන බව විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පාර්ලිමේන්තුවේදී අද ප්‍රකාශ කළා.

Latest News
විදුලි ගාස්තු ගැන තීරණය 14 වෙනිදා
Local
08 October 2025

අවුරුදු 19න් පහළ දෙවැනි කොටස ටියර් ‘ඒ’ අන්තර් පාසල් එක්දින ක්‍රිකට්: පන්නිපිටිය ධර්මපාල අවසන් පූර්ව වටයට
Local
08 October 2025

වයස 19න් පහළ පළමු කොටස ටියර් ‘ඒ’ අන්තර් පාසල් එක්දින ක්‍රිකට්: ගාල්ල රිච්මන්ඩ් අවසන් පූර්ව වටයට
Local
08 October 2025

මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 12ක් සමග කඩවතදී අයෙක් කොටුවෙයි
Local
08 October 2025

පොලිස් මාරු ගැනත් හෙට හදිසි විවාදයක්
Local
08 October 2025

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට නිල්වලා ගඟේ බෝට්ටු සේවාවක්
Local
08 October 2025

මත්තේගොඩ ලියුම් පෙට්ටියකින් පතුරම් මතුවෙලා
Local
08 October 2025

විදේශ ඇමතිගෙන් හෙට පාර්ලිමේන්තුවට විශේෂ ප්‍රකාශයක්
Local
08 October 2025

නාදුනන මළසිරුරක් කොත්මලා ඔයේ
Local
08 October 2025

ලොව පළමු පාපන්දු බිලියනපතියා ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ
Local
08 October 2025